Facebook වෙබ් බඩවියේ ඵල වු අදහසක් සහ පින්තූරයක්.'''
මෙම පින්තූරයෙන් පාඨකා හට ගම්‍ය කිරිමට උත්සුක වී ඇත්තේ විවාහ ජීවිතයට පියමන් කිරීමට සූදානමි වන දියණියක් පිළිබදවයි.
මාගේ මෙම FACEBOOK නිර්මාණය සදහා ලබා දී ඇති Comments නිර්මාණයේ අවසානයට එක්කර ඇත.
මෙම පින්තූරය වෙබ්බඩවියෙන් රැගෙන එම පින්තුරුයට මා විසින් බුද්ධ දේසනා පාදක කරගනිමින් මවක් සහ යුග දිවියට පියනැගිමට සූදානම් වන දියනියක් යන චරිත යොදා ගනිමන් කෙටි කතාවක් නිර්මාණයකොට පාඨකයාට රස විදිම සදහා Facebook වෙබ් අඩවවිට මුදාහැරියෙය. එහිදි මාගේ මෙම නිරිමාණය ස`දහා බොහෝ ප්‍රතිචාර ලැබුනි
‘‘සැබැවින්ම දියණියක තුල ඇති කර ගත යුතු අගනා ගාම්භිර චරිත ලක්ෂණ’’ යැයි, මෙය කියවීමේදි ඔබට නිතැතින්ම සිතට නැගෙනා නොරහසක් වු කරුණකි. මෙ පින්තූරය සම`ග බුදු රජානන් වහන්සේ විසින් වටිනා ඔවදන් කිහිපයක්මා වසින් දක්වා ඇත.
ආදරණීය චූටි දෝණි..........!!!,
අවුරුදු විසි හයක් වෙනකල් අපිත් එක්ක එක වහල යට උන්නු චූටි දෝණි තව ටික දවසකින් පතිනියක් වෙලා අලූත් ගෙදරකට යනවා. අම්මගෙයි, තාත්තගෙයි උණුසුමේ, අයියලා දෙන්නයි, අක්කයි එක්ක හැදුනු වැඩුණු චූටි දෝණි ඒ හුරුපුරුදු වටපිටාවෙන් එකපාරට ම ඈත් වෙන්නයි යන්නේ.
චූටි දෝණි,
ගැහැනු දරුවෙක් විවාහ වෙලා තවත් ගෙදරකට යනවා කියන්නේ සුළුපටු කාරණයක් නෙමෙයි. සම්පූර්ණයෙන් ම ආගන්තුක වුණ පරිසරයක ඉඳන් ජීවිතේ වරද්ද ගන්නෙ නැතිව ඉක්මනින් පටන් ගන්නවා කියන්නේ පුංචි දෙයක් නෙමෙයිනෙ නේ ද?
දෝණිගෙ අක්කා විවාහ වෙලා යන්න ටික දවසකට කලින් අම්ම කියලා දුන්නු දේවල් ඔයත් අහගෙන හිටියා. අම්මා කියපු කාරණා අක්කා හරියට ම පිළිපැද්දා. බලන්න අක්කගෙ පවුල් ජීවිතේ මොන තරම් ලස්සනයි ද? අක්ක අපේ ගෙදර දවසක් නැවතුණොත් ඊළඟ දවසෙ අක්කගෙ එහෙ අම්මයි, තාත්තයි කථා කරලාි‘දුව කවද ද එන්නෙ? අපිට හරි පාළුයි දුව නැතිවත්ව. අනේ නංගි, දුව ව ගොඩක් දවසක් නම් තියාගන්න එපා.” කියලා මට කියනවා.
චූටි දෝණි, ඔයාගෙ අක්කා ඒ පවුලෙ ම දුවෙක් වෙලා ඉවරයි. ඒ දෙමව්පියො, සහෝදර සහෝදරියෝ අක්කට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ අක්කට ලැබුණෙ ඉබේ නෙමෙයිත්ව අක්කගේ ලස්සන පවුල් ජීවිතේ රහස තමයි අම්මා එදා ඒ කියලා දුන්නේත්ව ඒ කතාව ම මම අද චූටි දෝණිටත් මුල ඉඳල ම කියනවා. ඔය දෙන්නට දැනුම් තේරුම් තියන කාලෙ ඉඳන් මං මේ දේවල් කියලා දීලා තියෙනවා. ආයෙමත් මතක් කරන්නේ පොඩි දෙයක් හරි අමතක වෙලා තියෙනවා නම් ඒ දේවල් මතක් කරල දෙන එක වටින නිසයි.
මනමාලියක් වෙලා පතිකුලයට යන දුවකට දෙන්න ඕන මේ සුන්දර අවවාද ලබා දුන්නේ සම්බුදුරජාණන් වහන්සේ. බලන්න, උන්වහන්සේගේ අනුකම්පාවත්ව. උන්වහන්සේ අපේ ගිහි ජීවිතේ හැම දෙයක්මත් සාර්ථක කරගන්න වුවමනා මාර්ගය දේශනා කොට වදාළා. ඒ අනුකම්පාව නිසා ම යි අපිට අද මේ දේවල් ඔයාලට කියල දෙන්න වාසනාව ලැබුණේ.
බුදු රජානන් වහන්සේ මෙ ලෙව පහල වු ශ්‍රේඨ පුරුෂයානන් වහසේ වු සේක්ක. උන් වහන්සේ විසින් සත්වයා සසරින් නිදහස් විමටත්, සසර එතෙක් වෙසෙන්නා වු සත්වයන්ගේ ජීවිත සාර්ථක කර ගැණීම පිනිස යහපතේ හැසිරීම පිනිසත් දහම් වදාළ සේක්ක. මෙයින් ‘‘උග්ග සිටුතුමාගේ දියණිය’’ විවාහ කිරීමට සිටියදි උග්ග සිටානන්ගේ දානයම කටයුත්තට ආරදනා කොට, අපගේ ශාස්ත්‍ර වු ඒ භාග්‍යවත් බදු රජානන් වහන්සේ විසින් මේ ආකාරයෙන් එ දියණිය තම ස්වාමිය සම`ග යුග දිවිය සාර්ථක කර ගන්නා ආකාරයට ඔවදන් වදාළ සේක්ක.
චූටි දෝණිට මතකයි නේ ද මේ කතාව? සම්බුදුරජාණන් වහන්සේ භද්දිය නගරේ ජාතියා කියන වනාන්තරේ වැඩ සිටින කාලෙදි තමයි මේ සුන්දර කාරණය ලෝකයට හෙළි කෙරුණේ. දවසක් මෙණ්ඩක සිටුතුමාගේ මුණුපුරා වුණ උග්ගහ සිටුතුමා සම්බුදුරජාණන් වහන්සේ හමුවෙන්න ආවා. ඇවිල්ලා ආදරයෙන් වන්දනා කරලා අනිත් දවසේ දානයට බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා හතර නමකට තමන්ගේ නිවසට වඩින්න කියලා ආරාධනා කළා.
ඉතින් සම්බුදුරජාණන් වහන්සේ පහුවදා උදේ සිවුරු පොරවාගෙන, පාත්‍රයත් අරගෙන, තවත් ස්වාමීන් වහන්සේලා තුන් නමකුත් එක්ක උග්ගහ සිටුතුමාගේ ගෙදරට වැඩම කළා. ඒ වෙලාවේ උග්ගහ සිටුතුමා තමන්ගේ දෑතින් ම රසවත්, ප්‍රණීත ආහාරපානවලින් සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට සංග්‍රහ කළා. දන් වළඳලා අවසන් වුණාට පස්සෙ උග්ගහ සිටුතුමා ඇතුළු පවුලේ අය පැත්තකින් වාඩි වුණා. ඊට පස්සෙ සිටුතුමා, සම්බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහේ ඉල්ලීමක් කළා.
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, විවාහ වෙන්නට සිටින මාගේ මේ කුමරියන් සිටිනවා.
ඔවුන්ට අවවාද කරන සේක්වා.!
බොහෝ කාලයක් ඔවුන්ට හිතසුව පිණිස පවතින්ට අනුශාසනා කරන සේක්වා.!”
ඔන්න ඔය වෙලාවේ සම්බුදුරජාණන් වහන්සේ ඒ දියණිවරුන්ට අවවාද කළා. චූටි දෝණි, මේ ලෝකයේ දුවලට හොඳක් වෙනවා දකින්න කැමති හැම අම්මෙක් ම හැම තාත්තෙක් ම මේ අවවාද තමයි ඒ අයට දෙන්න ඕන. ඇහේ තියාගෙන හැදුවා, වැඩුවා වුණාට දුවලා කියන්නේිපරසතු මල්’නේත්ව ඉතින් කොතැනකට ගියත් නින්දාවක් නො ලබා, සතුටින්, සෙනෙහසින් ජීවත් වෙන්න මාර්ගය කියලා දෙන එක දෙමව්පියන්ගේ යුතුකමක්නේ. සම්බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ම ඔයාගෙ අම්ම ඒ යුතුකම ඉෂ්ට කරනවා. මෙන්න මෙහෙමයි උන්වහන්සේ ඒ දියණිවරුන්ට අවවාද කළේ.
පින්වත් දියණිවරුනි,
ඔබ මේ විදිහට හික්මෙන්න. ඔබගේ යහපත කැමති, ඔබට අනුකම්පා කරන මව්පියන් ඔබලා ගැන අනුකම්පාවෙන් ම යි යම් හිමියෙකුට ඔබව විවාහ කොට දෙන්නේ.”
ඇත්තක්මයි නේ ද චූටි දෝණි අක්කට විවාහ යෝජනාව ආව වෙලාවේ වගේ ම ඔයාට ආදරය කරන පුතෙක් ඉන්නවා කියල දැනගත්ත වෙලාවෙත් අම්මයි තාත්තයි එ අය ගැන හොඳට හොයලා බලලා එ පවුල්වලට කථා කරලා මේ වැඩ කටයුතු පිළිවෙළට සිද්ධ කරපු විදිහ ඔයාට මතක ඇති එ හැමදේ ම කරලා ඔයාලව විවාහ කරලා දෙන්න අපි කැමති වුණේ ඔයාලට හොඳක් ම වෙයි කියලා අපේ දැනුමේ හැටියට තේරුණ නිසයි. දරුවන්ට වරදින්න කියලා දෙමව්පියෝ එයාලව විවාහ කරවන්නේ නෑ
ඉතින් සම්බුදුරජාණන් වහන්සේ ඔය කාරණය වදාරලා මෙන්න මේ විදිහට පළමුවෙනි අවවාදය පෙන්වා වදාළා.
පින්වත් දියණිවරුනි ඔබ මේ අයුරින් හික්මිය යුතුයි. එ පින්වත් ස්වාමියාට පළමුව උදෑසනින් ම ඔබ අවදි වෙන්න. නින්දට යනවිට ස්වාමියාට පසු නින්දට යන්න. තමාගෙන් ඉටු විය යුතු යුතුකම් විමසන්න. ස්වාමියාගේ සිත සතුටු වන ආකාරයට කටයුතු කරන්න. ප්‍රිය වචනයෙන් කථා කරන්න. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න.
චූටි දෝණි ඔයා එ ගෙදරදි අවදිවෙන්න ඕනේ කිසිම කෙනෙකුට පස්සෙ නෙමෙයි ඔයා ඉස්සෙල්ල ම අවදි වෙන කෙනා වෙන්න. නින්දට යනකොටත් හැමදෙනාට ම පස්සෙ නින්දට යන්න. ගෙදර කාලා බීලා ඉවර වුණාට පස්සේ ඒවා පිරිසිදු කරලා ඉවර කරල අවසානෙට ම නින්දට යන්න.
එ ගෙදර කටයුතු සිද්ධ වෙන්නේ අපේ ගෙදර පිළිවෙළට නො වෙන්න පුළුවන්. එ නිසා කරන හැම දෙයක් ම හොඳට විමසලා බලල ම කරන්න. කවුරු හරි වැඩක් කරනවා නම් ඔයාගෙන් වෙන්න ඕන මොනව ද කියලා හොයලා බලලා එ දේවල් කරන්න. එතකොට ඔයා නිසා එ ගෙදර වැඩපිළිවෙළ අවුල් වෙන්නෙ නෑ කාගෙවත් හිත රිදෙන්නෙත් නෑ ඔයාව විවාහ කරගන්න පුතාට එ ගැන සතුටක් ඇති වෙනවා ම යි.ප්‍රිය උපදවන විදිහට හැසිරෙන්න.
මවක් තුල පවතින්නේ අප්ප්රමාණ වු ධාරපුත්තක ස්නේහයකි. එය කොතෙක්දයත්... මේ තරු රටාවන්ගේ සුසැදි බඹළන්නා වූ අනන්තවත් වූ තරු තල වාසයසේ අනන්තයක් කරා දිවයයි .. එහි ඉමක් කොනක් කිසිවෙක්ට දත යුතු නොහැක්කේමය. තරුතල විසයෙන් උත්පාදිත කරන්නේද සෞම්්යය වු ප්රබාශ්වරණිය වූ පැහැපත් වු රශ්මියකි. මවකගේ මාතු පුත්තක ස්නේහයද එවන්නකි. නිතතින්ම ඇයගේ මුවින් දරුවනට ලැබ දෙන්නේ ප්‍රභාශ්වර වූ ඔවදන්මය, එවන් වු ඔවදන්ගේන් සිය දරුවන් ගේ ජීවිත ද ආලෝකමත් කරවාලයි.
චුටි දෝණි,නියපොතු කකා කොණ්ඩෙ කඩාගෙන ඔළුව කහ කහ ඉන්න ගැහැනු දරුවො ඔයා දැකලා ඇති. එක දකිනකොට හරි අප්‍රසන්නයි. එහෙම නැතිව හොඳට ඇඳලා පැලඳලා ලස්සනට පිළිවෙළට ඉන්න. හිත රිදෙන වචනයක්වක් පිට කරන්න නම් එපා. ප්‍රියමනාප වචන ම කතා කරන්න. බොරුවට නෙමෙයි ආදරයෙන් ගෞරවයෙන් කතා කරන්න. එ වචනවල තියෙන ළෙංගතුකම එයාලට දැනෙන්න අරින්න. එහෙම වුණා ම ඔයත් ගෙදරින්
එළියට යනකොට එ ගෙදර අයට පාළුවක් අඩුවක් දැනෙන තරමට ඔයා එ අයගෙ ජීවිතවලට එකතු වෙනවා. පිටින් ගිය ගැහැනු දරුවෙක් ලබන ලොකු ම දිනුමක් තමයි චූටි දෝණි එසම්බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ කාරණය පෙන්වා වදාළා.
‘‘පින්වත් දියණිවරුනි ඔබගේ ස්වාමියාගේ මව හෝ පියා හෝ නෑදෑයන් හෝ ගුරුවරුන් හෝ ස්වාමියා හෝ සත්කාර කරන” ගරු කරන” බුහුමන් දක්වන මහණ බමුණන් හෝ නිවසට පැමිණෙන්න පුළුවන්. එවිට එ අයට හොඳින් සංග්‍රහ කරන්න. අසුන් පවරන්න. ගෞරවයෙන් කටයුතු කරන්න. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න’’
විවාහ දිවියට පියනගනා දියනණියන්ට මහා ප්‍රඥ්ඤා බල සමපන්න බුදු රජානන් වහන්සේ විසින් පලමුව උපදේස් දි තිබෙන්නනේ තමා ස්වාමියාගේ නිවසට ගිය විට උදැසනින් අවදිවිම හා නින්දට යෑමේදි දසියල්ලෝ නිනදට ගිය පසු තමා විසින් දවස අවන් කොට අවසන්වූ ද තාමගේ යුතු කමට හිමිව පවත්නා වු අවසන් කටයුත්තද ඒ ආකාරයෙන්ම අවසන් කල යුතු බව වදාරයි. කතකට නිවසක පවතින්නා වූ මහත් වූ යුතුකම් සමූහය අපමන් බව මෙම ඔවදනිනම ව්යන්ගාර්ථවත්ව විද්්යයමන කරයි. එමෙන්ම මෙහිදි සුවාශේෂි ගැණයත් ඇති කර ගත යුතු බව පෙන්නුම් කරයි ඒමේන්ම හැසිරිය යුතු පිළිවෙළ හා ශ්රමනයන්ට සංග්‍රහ කරනා ලෙස අනුසාසනි කරයි. මෙහිදි අන් කරුනක් පලමූ ඔවදන ලෙස ලබා දි නොමැත. එනම් කෙනෙකු යහපතේ හැසිරෙන්නාවු ශ්‍රමනයන් මුන ගැසෙත් නම් ඔහු නිතැතින්ම සත්පුරූෂ ඇසුර ලබයි. එයින්ම ඔහු යහපත අයහපත දකින්නේක් බවට පත් වනු නොවුනුමනයි. එමෙන්ම එවැනි ආකාරයෙන් කටයුතු කරන්නා වු ස්වාමිදයණිය පිනක්ද රැුස් කරගනියි. එයම ඔවුන්ගේ යුග දිවියට ආශිර්වාදයක් බදුය. එය බිරිදක් විසින් ඉටුවිය යුතු යුතු කමක්ද වේ.
සැබවින්ම අලූත විවාහ වන දියණියක් ස්වාමියගේ නිවසේ නිවැසියන් ගරු බුහුමන් දක්වන්නේ කුමන පිරිස් සදහාද කිය නෙදනී. ඒ හෙයින් එම පවුගේ ගරු කරනා පිරිසි දැන හැදින ගරු බුහුමන් කළ යුතුවෙයි
ඇත්තටම චූටි දෝණි ඔයා දන්නෙ නෑනේ එ ගෙදර අය ගරු සත්කාර කරන්නෙ කාට ද කියලා. එ නිසා එ පවුලෙ අය ගරු කරන සත්කාර කරන අයට ඔයත් ගරු කරන්න සත්කාර කරන්න. එ පවුලේ අය ගරු කරන්නේ සත්කාර කරන්නේ කාට ද කියලා ඔයාට දකින්න ලැබේවි. එ පිරිස ඔයාගෙත් ගෞරවය සත්කාරය බුහුමන වන්දනාව ලබන්න සුදුසුයි කියලා මතක තියාගන්න. ගෙදරට එන කෙනාට ඉඳගන්න කියන්න මැලි වෙන්න එපා. ඔයා එ ගෙදරට ආගන්තුකයෙක් නෙමෙයි. එ නිසා ඉඳගන්න කියලා වතුර එකක් එහෙම දෙන්න පුරුදු වෙන්න. එ ගෙදර ම කෙනෙක් වගේ ඔයත් එ අයට සලකන්න.
බොහෝ සෙයිනම අතීතයේ පැවතුන සිරිතක් වන්නේ නිවසට යම් කෙනෙක් පැමිණි විට නිවසේ වෙසෙනා තම බිරිද විසින් එම පුද්ගලයාට ප්රීය මනාප ආකාරයට පිපාසය සන්සිදුවා ගැනීම පිනිස වතුර වීදුරුවක් ගෙනවිත් අතහැස්සීම සිදු කරයි. එය අතීතයේ ස්වභාවයෙන්ම දක්නට ලැබේනා දසුනක් විය. නමුත් වර්ත මානයේදි එය බොහො සෙයින් අපගේ ජීවිතයෙන් ඈත් වි ගොස් ඇති දුර්ලභ දසුනක් බව පත්ව ඇත. අතීතයේ විවාහ වූවන් තම දේමාපිය සහෝදර ආදීන් සමග එකම නිවසේ සහොදරයන් සේ සිටියි. එහෙත් වර්ථමානයේ එලෙස සමගියෙන් එකම නිවෙසක සිටීමට පවා නොහැකි වු කරුනක් බවට පත්ව ඇත්තේ එම පවුලේ කි‍්‍රයා කලාපය තමන් විසිනම අධ්‍යනය නොකිරීම හා එය වටහා ගෙන එම ස්භාවයට අනුගත විමට තමා තුල නිහතමානී බවක් ඇති නොවන නිසා විය හැක
සම්බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න තුන්වන කාරණය.
‘‘ පින්වත් දියණිවරුනි‘ ඔබගේ ගෙදර දොරේ කටයුතු හා ගෙවත්තේ කටයුතු හා යම්කිසි ගෘහ කර්මාන්තයක් ඇත්නම් එහි කටයුතු දක්ෂ ලෙස කම්මැලි නැතිව සිදුකරන්න. සියලූ කටයුතු හොඳින් සංවිධානය කොට උපායශීලී විමංසනයෙන් යුතුව කරුණු සොයා බලා කටයුතු කරන්න. පිළිවෙළකට මැනැවින් කටයුතු කරන්න. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න.’’
අතීතයේ පැවති පවුල් සංස්ථාව තුළ කාන්තාවකට පවතින්නේ බොහෝ වැඩ කටයුතු අදික වු ගෘහයටම සීමා වූ ජීවිතයකි. එකළවුන්ට එය කරදර කාරි වු දෙයක් ලෙස නෙදුටුවේය. පැරණි කල කාන්තාවෝ එය ස්වභාවයෙන්ම ඒ කටයුතු සදහා අතිශේයින්ම දක්ෂවුවන් වෙති. ඔවුහු තමාගේ කටයුත්ත තමාගේ කටයුත්තක් සේද දනී. එය අත් නොහරින්නීද වෙයි. මනාව පිලිවෙල දන්නීද වෙයි. වර්තමානයේ S5 ක්‍රමය අතීත සිටියවුන්ගේ ජිවිතය තුළ ස්වභාවයෙන්ප පැවත ඇත. එකල වූ කාන්තාන් එය උපතින්ප ලද් පටින හපන්කමක් සේ සිදු කරයි.
මෙන්න මේ කාරණය චූටි දෝණිට ගොඩාක් පරයෝජනවත් වේවි. ඔයා එකතු වෙන පවුල කුඹුරු ගොවිතැන්වලිනුත් හම්බ කරන අය. අපිට කුඹුරු නො තිබුණ නිසා ඔයාට එ දේවල් හරි නුහුරු වෙයි. එත් චූටි දෝණි එ අම්මගෙන් අහලා එ අම්මලා කරන විදිහ බලන් ඉඳලා එ එ වැඩ ඉගෙන ගන්න. එවා කරන පිළිවෙළ හොඳට බලා ගන්න. එ දේවල් කරන්න දක්ෂ වෙන්න. එවට කම්මැලි වෙන්න එපා. පිළිසකර කරන්න තියෙන දෙයක් වුණත් මහන්සියි කියල දැක දැක මඟහැරලා යන්නත් එපා.එහෙම කියලා මැෂින් එකක් වගේ කරන්නන් වාලේ වැඩ කරන්නත් එපා. එ වැඩ කරන විදිහ කවුරු හරි බලන් ඉන්නවා නම් එ කෙනාට ඔයාගේ පිළිවෙළ ගැන රටාව ගැන කැමැත්තක් ඇති වෙන විදිහට වැඩ කරන්න. හිතුමතේ තැන් තැන්වල බඩු භාණ්ඩ තියන්න යන්න එපා. ගේ දොර ලස්සන ගැන වගේ ම කාටවත් අනතුරක් නො වෙන විදිහට එ එ තැන්වල බඩු භාණ්ඩ තියන එක ගැන හොඳට හිතන්න. උපායශීලිව එ කටයුතු ඉෂ්ට කරන්න.
ඔයාට එ දේවල් නුහුරු වුණාට ඉක්මනින් එ දේවල්වලට දක්ෂ කෙනෙක් වෙන්න. කොටින් ම එ වැඬේ වෙන කෙනෙක් ලවා කරවන්න පුළුවන් තරමට දක්ෂ වෙන්න. වෙන කෙනෙකු ලවා එක කරවන්න ඔයා එක හොඳට ම දැනගෙන ඉන්න ඕනනේ. මගේ චූටි දෝණි අන්න එ විදිහට එ ගෙදර හැම වැඩක් ම ඉගෙන ගන්න.
අතීතයේ සිටන්නවුන් විසින් වී බිස්ස පිහිටවියුතු තැන ඔවුහු වී බිස්ස සාදයි. න`ගුල තිබිය යුතු තැන න`ගුල තබයි. ගෙදර ආරක්ෂාවට සිටින්නා වූ සුනකයන් සිටිය යුතු තැනද ඔන් දනි. එමෙන්ම සියල්ල මනාව කළමණාකාරි ලෙස සිදු කරයි. ඒ කාන්තාවන්හට එ සිය`එම වැඩ ඉතා ආශාවෙන්ම සිදු කරයි. එමෙන්ම එකළ විවාහ වූ කාන්තාවේ තම සැමියා හැර වෙන පුරුෂයන් ගෙන සිහිනෙක්න් උවද නෙම සිතයි. එක්ල කතුන්ගේ පවුල් තුළ දිග්කසාද කියා දෙයක් නෙතිබිය. ඔවුහු නිතැතින්ම ස්වාමි භක්තියෙන්ම වෙසෙන්නවුන් වේ. එම කතුන්ගේ යුග දිවිය ඉතාමත් සුනදරය
සම්බුදුරජාණන් වහන්සේ හතරවෙනියට කිව්වේ මෙන්න මේ කාරණේ.
‘‘පින්වත් දියණිවරුනි ඔබගේ නිවසේ හෝ වත්ත පිටියේ හෝ ගෘහ කර්මාන්තයේ හෝ සේවය කරන සේවක සේවිකාවන් ඇත්නම් ඔවුන් කළ දේවල් ගැන නො කළ දේවල් ගැන දැනගෙන ඉන්න. ගිලන් වෙලා ඉන්නවා නම් ඔවුන්ගේ රෝගීභාවය හෝ සුවපත්භාවය ගැන දැනගෙන ඉන්න. ඔවුන්ට උපස්ථාන කරන්න. එ වගේ ම සේවක සේවිකාවන්ට සුදුසු පරිදි සොයා බලා ආහාරපාන ආදිය ලබා දෙන්න. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න.’’
වර්තමානයේ මෙවන් වූ හරවත් වු අපටම උරුමව පැවති ගුණ ධර්ම අපගෙන් ඈත්ව ගියේ මක් නිසාද යත් කවරෙකුනම් දනිද? අද අප අතරෙ සිටිනා කතුන් හට ගෘහයේ වැඩ කටයුතු අධික වි ඇද්ද? ඔවුන් පිලිවෙල ගැන කියා දීමටS5 ක්‍රමය දැන් පවතී, මෙකල කතුන්ගේ හදින පළදින ස්වභවයෙන්ම ඔවුන් සන්වර බව රුකගෙන තිබේද? ඔවුන්ට ආහාර පිසීමට දැන් ටිවුෂන් පවති. එවන් ටිවුෂන් ආරම්භ වනේ මක් නිසාද? ඔවුහු ස්වාමි භක්කිය එකලවුන් හා සමව පවත්නා බවක් තිබේද? ගෙදර ආරක්ෂාවට සිටිනා සුනකයා අද සිටින්නේ එම සතාට උරුම වු තැනද ස්වාමියා සිටින්නේ දැන් කෙතැනද? ස්වාමී භක්තිය සුනකයාට ලබා දී ඇද්ද?
චුටි දෝණි දැනට නම් එ ගෙදර වැඩපළට පිට කෙනෙක් නෑ තමයි. එත් එ තාත්තගේ කුඹුරු වැඩවලටයි පුතාගේ වෙළඳ වැඩවලටයි සේවකයො යන එනවනේ. ඉතින් එ අය ගැන ඔයත් හොඳට දැනුවත් වෙන්න. එ අය කරන්නේ මොනව ද නො කරන්නේ මොනව ද කියන දේ ඔයා දැනගන්න ඕන. එ වගේ ම චූටි දෝණි එ අය සනීපයෙන් ඉන්නව ද අසනීපයෙන් ඉන්නව ද කියලත් ඔයා දැනගෙන ඉන්න ඕන. අසනීපෙන් ඉන්නවා නම් හොයලා බලලා වුවමනා බෙහෙත් ටිකක් කෑම ටිකක් හදලා දෙන්න. එ අය එ පවුලට තව තවත් සෙනෙහසින් හිතවත්ව කටයුතු කරන්න උත්සාහ කරයි ඔයා එ විදිහට හොඳින් සලකනකොට. ඔයා පිට කෙනෙක් කියලා එ කාටවත් හිතෙන්නේ නැති විදිහට චූටි දෝණි වැඩ කරන්න.
ඔයත් රස්සාවක් කරන නිසා මේ දේවල් කරන එක ඔයාට දුෂ්කර වෙයි ඔයාගේ නිදහස සුවපහසුව ඇහිරුණා කියලත් ඔයාට හිතෙයි. එත් චූටි දෝණි පවුල් ජීවිතේ සුන්දර වෙන්න නම් ඔයාට එ සුවපහසුව අත්හරින්න වෙනවා. ගොඩක් කාර්යබහුලයි අවිවේකයි කියලා දැනෙද්දි ඔයාටත් හිතෙයි මේ මොන කරදරයක් ද කියලා. එ වෙලාවට මතක් කරගන්න ජීවිත සැහැල්ලූ විය යුතුයි (සල්ලහුකවුත්තී) කියලා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොන තරම් සත්‍යයක් ද කියලා එ අවබෝධය ගැන ම පැහැදෙන්න චූටි දෝණි. මෙන්න මේ අපහසුතා අවබෝධයෙන් ම දැකලයි සම්බුදුරජාණන් වහන්සේ වැඩ අඩු සැහැල්ලූ ජීවිතය අගය කළේ කියලා හිත පහදා ගන්න.
ඔයත් උපයන බව ඇත්ත වුණත් ස්වාමියා උපයන දේවලූත් ඔයාගේ වගකීම්වලට එකතු වෙයි. අන්න ඒ වෙලාවට සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ පස්වෙනි අවවාදය හොඳට පිළිපදින්න.
වර්ථමානයේද විවාහ සිදුවේ එතැන සිට සැමියාගේ දෙමාපියන්ට සැලකීම ස්වාමි දියණිය අතින් ඉටුවිය යුතු පුඤ්ඤ කටයුත්තක් සේ ඔවුන් සිදු කරන්නට දන්නීද? කෙසෙ වී ඇති නමුත් වත්මනය වන විය පවුල් සංස්ථාව කෙබදු දිසාවකට ගමන් කරන්නේද නැවත හැරී බැලිය යුතු වේ.
‘‘ පින්වත් දියණිවරුනි ඔබගේ ස්වාමියා යම් ධනයක් වේවා ධාන්‍යයක් වේවා රන් රිදී වේවා නිවසට ගෙනෙයි නම් එවා හොඳින් ආරක්ෂා කොට වසා තබා රකින්න. ස්වාමියාට හොරෙන් කිසිවක් ගන්න එපා. එවා විනාශ කරන්නියන් වෙන්න එපා. මේ ආකාරයෙන් කටයුතු කරනවා යැයි ඔබ හික්මෙන්න.’’
ස්වාමි දියනියක් නිතැතින්ම සිතිය යුත්තේ තම පවුගේ යහපතමයි. ඒ වෙනුවේන් කාන්තාවක් සිය`එම කැප කිරිම් හෝ සිදු කරන්නට සිදුවේ. විවාහ ජීවිතය පිලිබ`ද එකල වු කතුන් මනාව දනි. ඔවුන් එකළ මවු සම`ගම සිය ගෘහයේ අධික වු කටයුතු තුළ උරට උර ගැටෙමින් මවුගෙන් බිරිදක් කළ යුතු මැනැ සියලූ කටයුත් මනාව උගනි. ඔවුහු පවුලේ ආරක්ෂාව මනාව පවත්වා ගන්නටද දනී. ආරක්ෂා කළ යුක්ත ද දනී.එකළවුන් ඉතිිරි කිරීම ද මනාව සිදු කිරීමට දන්නීද වෙයි. ඔවුහු එයට හුරුවුයේ සහල් මිටෙනි. ඔවුන් පිසිමට ගන්නා සහල් නැලෙන් සහල් මිටක් දින පතා ඉතුරු කරන්නී ද වෙයි.
ස්වාමියා තමන්ගේ බිරිඳ අතට හරි හම්බ කරන දේවල් දෙන්නේ ලොකු විශ්වාසයකින්. එ වගේ ම ලොකු සතුටකින්. එ දේවල් අරපිරිමැස්මෙන් සුදුසු විදිහට යොදාගන්න එක බිරිඳගේ වැඩක්. එ නිසා මගේ චූටි දෝණි අතට මහත්තයා දෙන මුදල් පවා හරි පරිස්සමෙන් වියදම් කරන්න. එවා පරිස්සමින් රැුකගන්න. හොරෙන් ගන්න පුළුවන් විදිහට ගිය ගිය තැන අනාරක්ෂිතව වටින කියන දේවල් තියන්න එපා. ඔයාගේ වුවමනා එපාකම්වලට වුණත් අනවශ්‍ය විදිහට සල්ලි ගන්න එපා. සල්ලි නාස්ති වෙන දේවල් කවදාවත් කරන්න එපා.
ඔයාට සමහර විට හිතෙයි කටට රහට කඩෙන් කන්න ඕන අද උයන්න බෑ හරී කම්මැලියි අද නම් කඩෙන් ම යි කන්නෙ කඬේට ලස්සන ඇඳුම් වගයක් ඇවිත් ඇඳුම් ආයිත්තම් ගන්න ඕන වගේ එක එක දේවල්. එත් හැම වෙලේ ම බලන්න එ වියදම ස්වාමියාට දරන්න පුළුවනි ද කියලා. මොන තරම් හිතේ ආශාව තිබුණත් එකෙන් සල්ලි නාස්ති වෙනව නම් විනාශ වෙනව නම් මගේ චූටි දෝණි කවදාවත් එ දේවල් කරන්න එපා. ඔයා එ ආශාවන් අත්හරින්න. එක ඔයාට දුකක් වෙන්න බෑ. එ වගේ ම එක ස්වාමියාටත් පවුලේ අයටත් හරි පහසුවක් සැනසීමක්
අනවශ්‍ය වියදම් වැඩි වුණොත් යමක් කමක් ඉතිරි කරගෙන හොඳ පවුලක් ගොඩ නගා ගන්න එක අමාරු වෙනවා. මම විශ්වාසෙට ම දන්නවා ඔයාලා කවදාවත් හොරකම් කරන්නේ නම් නෑ කියලා. මං එක ගැනත් කියන්නේ ඉඩක් ලැබුණත් කාටවත් නො තේරී කරන්න පුළුවන් කියලා හිතුණත් එ වගේ පහත් දේවල් නම් කරන්න ම එපා කියලා මතක් කරන්නයි.
එකළ වූ කතුන් ඔවුහු රුපය ලස්සන කිරිමය හිස පීර සුව`ද මල් වරලේ ගසයි. මල් මාලා පලදි. ඔවුගේ විසිතුරු ආභරණය ලේස රන් රිදි තිබුනද ඔවුන් ඇලූම් කලේ ස්වභාවිකත්වය ඔප් නන්වන මුතු ඇට මාලයට ඇලූම් කරයි. ඔවුහු රූ සපුව සැරසිම ස්වභවිකත්මය ඉක්මවා නෙයත් එයටම් ගැලපී යමක් එක් කරයි. එකල කතුන්ගේ රූ සපුව සුවදවත් කරලේද ස්වභාවිකත්වයටම ගැලපුමක් සේය. ඔවුන් රූ සපුව සුව`දවත් කරවන්නා සේම ඔවුගේ අභයන්තරයද ජීවිතයද් සිල් සුවදින් සු`දවත් කරයි. එ සිල් සුවදින් යුත් කතුන් පති ගුණයට ආල වඩා යුග දිවිය සුවදවත් කරන්නී වෙයි.
මේ විදිහට වැඩ කටයුතු සිද්ධ කළොත් ඔයාට ලැබෙන්නේ බොහොම සුන්දර වාසනාවක්. එ ගැන සම්බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කොට වදාළා.
පින්වත් දියණිවරුනි මේ ධර්ම පහෙන් සමන්විත ජීවිතයක් ගත කරන කාන්තාව කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය.
එ කියන්නේ චූටි දෝණි නිම්මාණරතී දිව්‍යලෝකයේ තමයි මරණින් මතු උපත සිද්ධ වෙන්නේ. තමන්ට ඕන ඕන දෙයක් මවාගෙන නිර්මාණය කරගෙන එකෙන් සතුටු වෙවී ජීවත් වෙන්න පුළුවන් දිව්‍යලෝකයක උපදින එක සතුටක් නේ ද තමන් සම්බන්ධ වෙන පවුලේ අයට සතුටු වන ආකාරයෙන් ජීවත් වීම නිසා ලැබෙන ලාභය පුංචි දෙයක් නෙමෙයි නේ ද චූටි දෝණි
යුග දිවියේ සැබැ කතුන් සිල් සුවදින්. යුතුකම් මනාව සතුටින් කරන්නී ද වෙයි. පිනි රුස් කරගන්නී ෙවියි. කාන්තාවෙ යුගදිවියේ ජාම් ගති පැවතුම් අත්තේ විය යුත්තොම වේ. එසේ නැත්තේ කෙසේනම් අරුත්බර යුග දිවි ගෙවද්නේ ද ?
අපි ආදරයෙන් හදපු වඩපු ඔයාව එ පවුලට අපි බාර දෙන්නේ අභිමානයකින්. මොකද අපි දන්නවා බයක් නැතිව ගෙදරකට යවන්න පුළුවන් හොඳ ගතිගුණ හැසිරීම් තියෙන දුවක් අපට ඉන්නෙ කියලා. මගේ චූටි දෝණි එ අභිමානය හැමදාටමත් රකින්න ඕන. අම්මටයි තාත්තටයි තියෙන ලොකු ම සතුට අපි පෙන්නලා දුන්න යහපත් මාර්ගයේ ඉඳගෙන ඔයාලා ජීවිත සාර්ථක කරගන්නවා දකින එක කියලා අමතක කරන්න එපා.
ඉතින් මගේ චූටි දෝණි එ පුතාට හොඳ ම හොඳ බිරිඳක් වෙන්න. අම්මෙක් වගේ දයාබරව එ පවුල රැුක බලා ගන්න. අපි දෙන්නට සලකනවා වගේ ම එ අම්මා තාත්තටත් කීකරු වෙලා හිත් රිදවන්නෙ නැතිව ආදරය සෙනෙහස ගෞරවය දක්වන්න.
පතිකුලයේ පින් රැස් කරගෙන සුගතියට ම යන්න මගේ චූටි දෝණිට තුනුරුවනේ ආශීර්වාදය වේවා............!!!
මාගේ මෙම FACEBOOK නිර්මාණය සදහා ලබා දී ඇති Comments

No comments:
Post a Comment