රත්නාවලි


v පොතේ උපත



සංස්කෘත දෘෂ්‍ය කාව්‍ය අතර බොහෝ විචාරකයින්ගේ මෙන්ම පේ‍්‍රක්ෂකයින්ගේ ද අතිශය සම්භාවනාවට පත් නාට්‍යයක් ලෙස ”රත්නාවලිය” හැදිනවිය හැකිය.මෙය භාරත දේශයේ ”කනෞජ්” රාජයේ රජ කළ”ශී‍්‍ර හර්ෂ දේව රජු” විසින් නිර්මානය කළ ප‍්‍රතිභා පූර්ණ ස්වතන්ත‍්‍ර නිර්මාණයක්  ලෙස අ`ගය කළ හැකිය.
              
                             
                              භාරතීය රාජ සභා සංස්කෘතිය ගුරු කොට ගෙන රචනා කොට ඇති  ”රත්නමාලී නාට්‍යය” තත්කාලීන ප‍්‍රභූ සමාජයේ කාම භොගි ජීවිතය  උපහාසයට හා හාස්‍යයට ලක් කළ විශිෂ්ට නාට්‍යයක් ලෙස හ`දුන්වා දිය හැකිය.මේ ස`දහා පාදක වු කතා පුවත ලංකාව හා භාරතය අතර ඉතිහාසය ගැන වෘතාන්නයකි.

උදේන රජු ප‍්‍රමුඛ රත්නාවලිය, විදුෂක ඇතු`එ චරිත නිරූපනය ම`ගින් හා දෙබස්, සංවාද, කථන, ම`ගින් ප‍්‍රභූ සමාජය උපහාසයට ලක් කළ අයුරු මැනවින් හදුනා ගත හැකිය. රත්නාවලි, උදේන රජු හා රජුගේ බිසව වු ”වාසව දත්තා” අතර තී‍්‍රකොණාකාර පේ‍්‍රම ගැටුවක්  මූර්තිමත් කරන” රනාවලී නාට්‍ය”ජීවිතය හා මනුෂසත්වය පිළිබ`දව යතාර්ථවාදී අත්දැකීමක් නිරූපනය නොවුනද, එහි අන්තරුගතය විශිෂඨ සංදර්භ උපක‍්‍රම භාවිතය හා පේ‍්‍රක්ෂකයා තුළශෘංගාර රසය ජනනය කිරීම මෙන්ම කාලීන ප‍්‍රභූ සමාජ අත්දැකීම් පරීක්ෂණය කිරීමට හා සවන් දීමට ද ඒවායේ යතාර්ථය ග‍්‍රහණය කර ගැනීමට ද පාඨකයාට ඉ ඩසලසා ඇත.

”රත්නාලි නාට්‍යය” භාරතමුනි ප`ඩිතුමාගේ  නාට්‍යය ශ‍්‍රාස්ථ‍්‍රයට අනුව සස්කෘත නාට්‍යවේදීන්ගේ  ලක්ෂණ මෙන්ම නීතිරීති නෙවඩුවම දක්නට ලැබේ. වෙනත් නාට්‍යය වල මෙන් නොව මෙහිදී ප‍්‍රම සම්බන්ධතාවය ඉතා සියුම් ලෙස  ඉටුකිරීමට සමත් වී ඇත.

                    චරිත නිරූපණයේදි ”හර්ෂදේවයන්” තත්කාලීන භාරතයේ සැබැවින්ම ජීවත් වු පුද්ගල චරිත තුළ ජීවත් වෙමින් නිර්මාණය කර ඇති බව පැහැදිලිය. ”රත්නාවලී නාට්‍යය”වර්ථමාන සමාජය තුළ දැකගත හැකි චරිත ලක්ෂණ ද මනාව මූර්තිමත් වන අගනා කලා කෘතියක් ලෙස හදුන්වා දිය හැකිය.


No comments:

Post a Comment