සනඛ වු , සුනඛ නොවන, සුනඛ නාමය කල්පිතයක් සේ නම් ලද්, සුනයා...!!!
v මා සිත් ගත් Facebook Video ව.
සත්වයන්ගේ උපත බුදු ඇසටවත් නොපෙනෙනාවු මායිමක්, ඉමක් කොනක් නැති සිතිජයක් සේය. කෙසේ උපන්දෝයි කියා බොහෝ දෙනෙකුගේ මහත් කුතුහලය දනවන්නක්විය. නොයෙකුත් පුද්ගලයින් එය සේවීමට බොහෝ පර්යේෂණ කරති. බොහෝ මත වාද පල කරති. එහෙත් කිසිවෙකුට එහි ඉමක් කොනක් දැක්ක නොහැක්කාක් වි හමාරය. ලෝ සතුන් කෙසේ උපන්නවුත් ඒ ඒ සත්වයෝ එකම ස්වභාවයක් නොමැති බව අප දන්නා කරුණකි. ඒ ඒ සත්වයෝ විවිධාකාරය. සමහර සතුන් දෙපා ඇත්තෝ වේ. සමහර සතුන් සිවු පා , බහු පා හා පා රහිත වු වෝද වේ. සත්වයන්ගේ පෙනෙනා රූපය විවිධාකාර වේ. එමෙන්ම ඔවුහු උපත් අනුව ද විවිධාකාර වේ. සමහර සතුන් බඩගානා සතුන් වේ. සමහර සතුන් විෂඝෝර සතුන් ද වේ. සත්ව ලෝකයා විචිත්‍ර ස්වභාවයක් ඇත්තේය. බොහෝ සතුන් දැකුම්කඑය පි්රයමනාපය, සමහර සතුන් දැකීමය පි‍්‍රය මනාප නොවන්නේය. මේ ආකාරයෙන් සත්ව ලෝකයා විවිධාකාර වෙස් ගනි. බොහෝ සතුන් රූපය නිසා උසස් යැයි සමාජයේ තිබේනා දෘෂ්ටි ගතව වෙන් කරයි.
මෙම Video ව Facebook වෙබ්බඩවියෙන් Download කර නැවත මෙම Blogg page එකට Upload කරනලදි
Video නැරඹීම සදහා මෙහි Click කරන්න
ඒ කෙසේ නමුත් සියල් සත්ව සමූහයා පොදුවේ ගත් කළ ඉතා උසස් යැයි සම්මත සත්වයා මනුස්සායා යැයි මනුස්සයා විසින්ම කියා ගනී. එය සත්්යයකි. එනමුත් එය සත්‍යයක් යැයි සම්මත කළ ගත යුත්තේ කිනම් කරුණක් නිසාදයත් සෙවිය යුතු වන්නේ උසස්යැයි සම්මත කරගත් මිනිස් සත්වයා විසින්මය. සත්වයන් අතරින් සිතා මතා නිවැරදිව යමක් කළ හැකි සත්වයා මිනිසාමය. එහෙත් අනේක් සත්වන්ට සිතා මතා යමක් කරන්නට නොහැකි හෙයින් ඔවුන් තිරිසන් යන නාමයෙන් වෙන් කොට දක් වන්නේ ඔවුනට සිතා යමක් කළ නොහැකි නිසාම ද යන්න දෙවරක් සිතිය යුතු කරුණක් ම වේ.
මිනිසා අතර මහත් වු ගුණ ක`දම්ඹයත් සිතේ දරා සිටින්නේ මතෘත්වය දරන්නී ඈ තුළයි. එකම දරුවෙකු රකිනා මවක සේ ස්නෙහය තුන්ලොවකට ම මෙත් සිත පතුරුවන්නේ මිනිස් ගුණය ඉක්මවාලූ අප තථාගතයාණොමය. ඒ උසස් යැයි සම්මත කර ගත් සත්වයන් අතරේ පහල වු තථාගතයො මය. ඒ මෙ සත්වයා අතර සැරි සාර සසරරින් එතර වැයාණෝමය. සත්වයන්ගේ ගුණ යහපත් කම්හි උතුම් බව පසක් කරමින්ය.
ඒ කෙසේ වි ද යත් අප විසින්ම සම්මතයක් සේ මැනගත් උසස් සත්වයා මිනිසා යැයි කී නමුත් ඒ මිනිසත් බව අපහට ඇත්තේ ද සිතිය යුත්තක් වි ඇත. උසස් සතුන් වන මිනිස් සත්වයන්ගෙන් එක් පිරිසක් සතුන්හට කිසිදු දයානුකම්පා රහිතව සතුන් මරා දමති. මස් පු`එස්සා කති. එසේ උසස් යැයි කී නමුත් ඒ කි්රයාවන් සම`ග බැලූ කළ මිනිසා උසස් මනසින් යුත් දැයි නැවත සිතිය යුතු ද වේ. විශේෂ යැයි කියා ගන්නා භෝජන සංග්රහයන්ට මස් පි`ගාන නාතිවම බැරි වු දෙයක් වී හමාරය. ඔවුන්ගේ මන දොල පිනවාලීම සපුරාලන්නේ අහිංසක සතුන්ගේ ශාරීරයන් පු`එස්සා ඔවුන්ගේ මුඛ කුහරයන් තුළ ගිල්වා ගැනීමේම වේ. මෙවන් වු ඝෝර සමාජයක මත් පැන් වී`දුරුවත් සම`ගා මනලළ පිනවන තිරස්චීන මිනිස් වෙස් ගත් සතුන් හට පුංචි සුනඛ පැටියෙක් අරතුක් සපුරයි මේ ආකාරයට.
මිනිසා නම් ‘‘නම’’ යෙදෙන්නේ මනසින් උසස් නිසාවෙනි. මනසින් උසස් යැයි සළකනු ලබන්නේ ඔහුගේ කි‍්‍රයාවෙ ගුණ යහපත් කම් මතිනි. එසේනම් මේ පුංචි සුනඛ පැටියාද මනසින් උසස්, සුනඛ වු නමුත්, සුනඛ නොවන සැබෑ ම මිනිස් වෙස් ගත් සැබැ අරුතක් මු`එ මහත් මිනිස් සත්වයන්ට අරුත් සපයන ගුරු වු සැබෑම මිනිසෙකි. ධීවරයො මසුන් මරන්නේ හිත් පිත් නැති සුනකයින් ලෙසටය. ඔවුහු එයින් ම පර පණ නසනා සිල් බි`දගත්තෝ ද වේ. එනමුත් මේ පුංචි සුනඛයා සතුන් නොමරා මියැදෙන මත්්ය සතුනට පණ පොවන්නට දරලා වෙහෙස අපමණය. ඒ පුංචි සුනඛයා, මරණ බියෙන් තැතිගෙන මරණය අබියස දුක් විදිනා මත්්යයන් හට පණ දෙන්නට මිනිසුනට වාගේ දෑත් නොමැත. ඔවුන් අල්වාගෙන ගොස් ජාලාසයකට දමන්නට දෑත් නොමැත. මේ පුන්චි සුනඛයාට ඇත්තේ දැත් වෙනුවට තම දිවයි.
ඔහු දිවෙන් අසළ තිබෙනා ජල දහාරා මත්්යය සතුනගේ ඇ`ගට විසි කරනනේ ‘‘මත්්යය සතුනේ ඔබ බොහෝකලක් ජීවත් වෙත්වා’’ යැයි මෙත් සිතින්ම සිතනා විලසිනි. මත්්ය සතුනට ජීවත් වීමට ජලය උවමනා යැයි මේ පුංචි සුනඛයා එය දන්නේ කෙසේ ද?. සතෙකු තම ජීවිතය රුක ගන්නේ තව සතෙකු ගො`දුරක් ලෙස ආහාරයට රැුගෙනය. එහෙත් මේ සුනඛ සත්වයා එසේ නෙකරන්නේ, මනසින් උසස් උතුම් ගුණ ධර්ම ඒ පුංචි සුනඛ සිතේ තිබෙන නිසා මය. මේ සුනඛයා සැබැවින්ම සුනඛයෙක් කී පමණින් සුනඛ වෙස් ගත් දෙවියෙකි. කෙනෙකු සුනකයෙක් වන්නේ තම කි්රයාවෙනි, කෙනෙකු බ්රග්මනයෙක් වන්නෙත් තම කි‍්‍රයාවෙන් බව මේ පුංචි සුනඛයා අපට මු`එ මහත් මිනිස් වර්ගයාටම උතුමි ගුරු දෙවි`දුවේ. පුදුමයනම් මෙය පටිගත කරනා පුද්ගලයාට සුනකයාට මෙන් හදවතක් නැති අයෙක් විමයි
No comments:
Post a Comment