පුවත්පත් ලිපිය



v පුවත්පතක ඵල වු අධ්‍යාපනික ශාති‍්‍රය ලිපිය


                                    අධ්‍යාපනය ලබන්නාවු ශිෂ්‍යය ශිෂයාවන්ගේ අධ්‍යන කටයුතු සාර්ථක කර ගැනිම ස`දහා විවිධ වු මාධ්‍යයන් වර්ථමානයේ බිහිවි ඇත. පාඨකයාටගේ විවිධ වු කාර්යයන් සාර්ථක කර ගැනීම ස`දහා තොරතුරු ලබා ගැනීමට  බොහෝ මාධ්‍යයන් බිහිවි ඇති අතර  තොරතුරු ලබා දුන් ඉපැරණි මාධ්‍යක් ලෙස පුවත්පත් කලා මාධ්‍යය සුවිශේෂ බවක් ගනි.  ඒය සාම්ප‍්‍රධායික වුත් සුවිශේෂි මාධ්‍යයක් බවට පත්ව ඇති අතර එය වර්ථමානයේ බැහැරට දැමිය නොහැක්කා වු මාධ්‍යක් බවට පත්ව ඇත. මෙම පුවත් පත් මාධ්‍යක් ලෙස අප හට නොයෙකුත් තොරතුරු ලබා දෙන්නා සේම.. පාසලක් තුළ ඉගෙනුම ලබන්නා වු ශිෂ්‍යාටද තම අධ්‍යන කටයුතු සාර්ථක කර ගැනීම ස`දහා විවිධ විෂය මාලාවන්ට අදාලව නොයෙකුත් ලිපි පලවේ. ඒ අතර 2015 පෙබරවාරි මස 24  දින ලංකාදීප පුවත්තතෙහි සමාජඅධ්‍යනය විෂය හා ඉතිහාසය විෂය මාලාවට සම්බන්ධව අධ්‍යාපනික ලිපියක් ඵල වි තිබුනි. එමගින් ශිෂ්‍යාගේ එම විෂය ක්ෂේශ‍්‍රයේ දැනුම් පරාසය පු`එල් කිරිම  ස`දහා උපකාර වන ලිපියක් සේ මෙය පෙන්වා දිය හැක. එමගින්  ලංකාව පාවා දුන් කන්`ද උඩරට ගිවිසුම පිළිබ`ද බොහො කෙරතුරු සමුදායක් ලබා දෙයි. එනම් අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අපේ ලංකාවද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කළු සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි.




මාර්තු 02 වන දිනට ඉංග‍්‍රීසි ආණ්ඩුව සමඟ උඩරැුටියන් අත්සන් කළ අවබෝධතා ගිවිසුම නොහොත් ඉතිහාසයේ සඳහන්වන උඩරට ගිවිසුමට අවුරුදු දෙසීයක් ගතවේ. ඊට පෙර 1796 පෙබරවාරි 16 දින වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග‍්‍රීසින් විසින් අයත්කර ගෙන තිබුණි. මාර්තු 02 දින පස්වරු හතරට ශ‍්‍රීමත් රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මහනුවර මඟුල් මඩුවේදී හමුවන ලෙස උඩරට අධිකාරම් හා දිසාවේවරුන් සහ අනිකුත් ප‍්‍රධානීන්ට දන්වා තිබුණි. එදා මල්වත්තේ මහනායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ නායක හිමි ප‍්‍රමුඛ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහා සංඝයා වහන්සේලාද මඟුල් මඩුවෙහි වැඩඋන්හ. එහිදී ගිිවිසුම මෙම ප‍්‍රධානීන්ට හා මොහොට්ටාලවරු ඇතුළු සුළු මුලාදෑනීන්ටද කියවා දෙනු ලැබීය.

එදායින් පසුව අප රටේ අවුරුදු දෙදහස් පන්සීයකට අධික කාලයක් තුළ තිබූ සිංහල රජෙකුගේ පාලනය යටතේ පැවති ලෝකයේ පැරණිම රජ පරම්පරාව මෙන්ම වඩුග රාජ පරම්පරාවේ රජවරු හතර දෙනෙකුගේ පාලනය යටතේ පැවති අප රටේ ස්වෛරීත්වය එංගලන්තයේ III වන ජෝර්ජ් රජුගේ (1780-1820) හැනෝවර් පරම්පරාවට අයත්විය. හැනෝවර් පරම්පරාව රාජ්‍ය බලයට පත්වූයේ 1714දී I වන ජෝර්ජ් රජුගෙන් පසුවය. අප රටේ විශිෂ්ට උගත් රාජ පරපුර වෙනුවට අප භාර වූයේ හිරු නොබසින අධිරාජ්‍යය යැයි කියූ බි‍්‍රතාන්‍යයේ අඩක් නෙත් අන්ධ වූ හා බිහිරි වූ III වන ජෝර්ජ්ටය. ගිවිසුම ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංග‍්‍රහයේ (Ceylon Legislative Enactmentxi ඛණ්ඩයේ 390 ෙඡ්දය අනුව රටේ නීතිය බවට පත්විය. එයින් පසුව අපේ ව්‍යවස්ථාවන් පැනවීමේ බලය හිමි වූයේ මේ තුන්වන ජෝර්ජ් රජුට මිස රටේ ජනතාවට නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුව මෙම රටේ පාලනයට නීති සම්පාදනය කළේ රටේ ජනතාවගෙන් ලත් බලයෙන් නොව එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ බලයෙනි. 
                 ඉන් පසුව ජනතාවගේ නියෝජිතයින්ගෙන් සමන්විත වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මගින් සම්මත වූ ජනරජයක් නැවතත් අපට ලැබුණේ 1970 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය. අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. හතර කෝරළේ, හත්කෝරළේ, ඌව සහ මාතලේ මහා දිසාවරු යටතේ පාලනය විය. වර්ග සැතපුම් 25332ක් වූ මුලූ රටෙහි වර්ග සැතපුම් 15,000 පමණ අයත් වූයේ කන්ද උඩ පස්රට නොහොත් උඩරට රාජ්‍යයටය. මෙම භූමි ප‍්‍රමාණය නූතනයෙහි සියලූම පළාත් සභා ප‍්‍රදේශ හා බස්නාහිර සහ දකුණ පළාත් සභා ප‍්‍රදේශයන් තුළ සමහර කොටස් ද අයිති වූ භූමි ප‍්‍රමාණයකි. අද උඩරට රාජධානිය නැති වූවත් උඩරට නැටුම්, කලා ශිල්ප, ඇඳුම්, පැළඳුම්, සමාජ චාරිත‍්‍ර හා සාරධර්ම එම රාජ්‍යයෙන් උරුම වූ නෂ්ඨාවශේෂ ලෙස ජීවමානව පවතී. අප විදේශ සංචාරකයින්ට පෙන්වන ලෝක උරුම නගර, මූර්ති කැටයම් ශිල්ප, වෙහෙර විහාර සීගිරිය වැනි චිත‍්‍ර ශිල්ප ආදිය වැඩි වශයෙන්ම ශේෂ වී ඇත්තේ උඩරට රජ්‍යයේය.

1833 ඔක්තෝබර් 11 දින ශ‍්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරයා විසින් නිකුත් කළ ආඥාවක් අනුව මුහුදුබඩ ප‍්‍රදේශද ඇතුළත්ව රට පළාත් පහකට බෙදන ලදී. ශ‍්‍රීමත් කොලීන් කැම්බල් ආණ්ඩුකාරයා 1845 ඔක්තෝබර් 01 දින සිට හයවන පළාත වශයෙන් වයඹ ඇති කළේය. 1813 සැප්තැම්බර් 06 දින සිට ශ‍්‍රීමත් ආතර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා උතුරුමැද පළාත වෙන් කළේය. ඊට පෙර උතුරු මැද නුවර කලාවිය තමන්කඩුව පාලනය වූයේ යාපනයේ ඒජන්තවරයා යටතෙහිය. 1886 දී ශ‍්‍රීමත් ආතර් ගෝඩන් ආණ්ඩුකාරයා විසින් ඌව පළාත ඇති කළේය. 1888 දෙසැම්බර් 29 දින ඔහු පෙරදී දකුණු හා බස්නාහිර පළාතට අයත්ව තිබූ කොටස් සම්බන්ධ කර සබරගමු පළාත ඇති කළේය. බි‍්‍රතාන්‍යයට ලංකාව සම්බන්ධයෙන් නීති පැනවීමට බලය හිමි වුණේ ඔවුන් අත්සන් කළ ගිවිසුම නිසයි. ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරුන්ට මහරජුගේ අපේක්ෂාවන් ඉටු කරන අතරම රජුගේ විධායක බලයද කි‍්‍රයාත්මක කිරීමට සිදු විය. එබැවින් ආණ්ඩුකාරයාගේ කාර්යභාරය විධායක ව්‍යවස්ථාදායකය මෙන්ම නීතියේද ආධිපත්‍යය දැරීය. ඔහුට නීති කි‍්‍රයාත්මක කිරීමේ මෙන්ම නීති උල්ලංඝණය කිරීමේදී දඬුවම් නියම කිරීමේ විනිශ්චය බලයද අයත් විය. එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ දී ලංකාවටද බලපාන නීති සම්පාදනය කිරීමට බලය ලබා ගත්තේ උඩරට ගිවිසුම නිසාය. ඔවුන් සම්පාදනය කළ නීති ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ නීති හා 

අනපනත් මිස අපේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් වූ අන පනත් හා නීති රීති නොවේ. අපේ පැවති පැරණි නීති පද්ධතිය වූ මහනඩුව (රජු ඉදිරියේ විසඳන* දෙවැනි ක‍්‍රමය වූ ප‍්‍රධානීන් ඉදිරියේ විසª නඩු හා ගම් සභා නඩු විසඳීමේ ක්‍‍්‍රමය වෙනුවට ලන්දේසි පාලනය යටතේ තිබූ මුහුදුබඩ ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වූ රෝම ලන්දේසි නීතිය මුලූ දිවයින පුරාම කි‍්‍රයාත්මක කිරීම ආරම්භ විය. කිසිම උඩරැුටියෙකුට ඉංග‍්‍රීසින්ගේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරධුරයක් ලබා නොදුන්නේය.

බි‍්‍රතාන්‍ය ගිවිසුමෙන් ඔවුන් මත පැවරුන වගකීම් හා විශ්වාසනීයත්වය ආරක්ෂා කළේ කෙසේද? 1817-18 ඌව කැරැුල්ල, 1848 මාතලේ කැරැුල්ල ආදී ඔවුන්ගේ පාලනයට විරුද්ධව පැනනැගි මහජන විරෝධතාවන් කෲර ලෙස මැඩ පැවත්වීමට ආණ්ඩුකාරයා ඔහු සතුව තිබූ නෛතික බලය මෙන්ම විධායක හා පරිපාලන බලතල ද උපරිම ලෙස කි‍්‍රයාත්මක කළේය. ඔවුන්ගේ ආඥා පනතකින් සියලූම ඉඩම්වල අයිතිය රජය සතු කරගෙන ඒවා කිරීටය සතු ඉඩම් (Crown Landයැයි නිවේදනය කළේය. පාරම්පරිකව හිමි වූ ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට අසරණ ගම්වාසීන්ට නීතියේ සරණ පැතීමට නොහැකි විය. එම ඉඩම් කෝපි, තේ, රබර්, පොල් ආදී වැවිලි සඳහා රන් පවුම් සමාගම්වලට මෙන්ම වැවිලි කර්මාන්තය ගැන උනන්දුවක් දැක්වූ ආණ්ඩුවේ ඒජන්තවරුන් වැනි උසස් නිලතල දැරුවන්ට ලබාදුන්නේය. ඒ. පර්ග්‍යුසන්ගේ 1857 වාර්තාවක් අනුව යුරෝපීය වැවිලිකරුවන්ට එවකට අක්කර 6337092 අයත් වූ අතර එම ප‍්‍රමාණය වගා කිරීමේ කටයුතු සඳහා ගෙන්වා ගත් ඉන්දීය කම්කරු පිරිස 129200 ක් විය. බදුල්ලේ උඩුකිඳ ප‍්‍රදේශයෙන් පමණක් එක් රාත‍්‍රියකදී ස්වකීය නිවාසවලින් පාරට ඇද දැමූ පිරිස, මධ්‍යම පළාතේ පිරිසත් සමග පවුලේ 37000 ක් විය. (ඌව ජර්නල්* උඩරට ගැමි කොමිසමේ වාර්තාවක් අනුව මෙම පිරිසට ඉඩම් අඟලකුදු තම උපන් බිමින් හිමි නොවීය. උඩරට තරුණ පෙරමුණද මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට වාර්තාවක් සැපයූ නමුත් ඉංග‍්‍රීසි ආණ්ඩුව ඒ පිළිබඳව මුණිවත රැුක්කේය. ඉංග‍්‍රීසීන් අප රටෙන් ගිය පසුත් මෙම ඉඩම් රජයේ ඉඩම් (State Landයැයි නම්කර කිසිදු සාධාරණයක් පරවේනි ඉඩම් හිමි ගැමියන්ට ඉටුවී නැත. ඒ වෙනුවට පසුගිය රජය පහළ වෙල්ලස්සෙන් පමණක් අක්කර පනස්දාහක් සමාගම්වලට බදුදීමට සැලසුම් කර තිබුණි.

මෙම තත්ත්වය තේරුම් ගැනීමට විටින් විට බලයට එන පාලකයින්ට හැකි වන්නේ අද ගමේ සොහොන් බිමකට ඉඩම් කෑල්ලක් අත්පත් කර ගැනීමට යාමේදී පවා ඉන්දියන් වතු කම්කරු සංගමයට, වෘත්තීය සමිති නායකයින්ට, වතුකරේ දේශපාලකයන්ට පිංසෙන්ඩු වීමට සෑම නායකයෙකුටම සිදුව ඇති නිසාය. මෙම තත්ත්වය වඩාත් උග‍්‍ර වී ඇත්තේ 1977 ව්‍යවස්ථාවෙන් පසු කි‍්‍රයාත්මක වන ජන අනුපාත මැතිවරණ ක‍්‍රමය නිසාය. 

මෙම තත්ත්වය වෙනස් කිරීමට අද දැයට අවශ්‍ය වන්නේ ජාති හිතෛෂි ජන නායකයන් මිස මිල මුදල්, බලය, නිලය පසුපස යන දේශපාලන නායකයන් නොවේ. පෘතුගීසීන්ගෙන්, ලන්දේසින්ගෙන් උඩරට ගැමියා රැුකගත්තේ මෙම ඉඩම්ය. ඉංග‍්‍රීසීන් මිත‍්‍රයින් ලෙස මෙම ජනතාවගේ පරවේනි අයිතිය රැුකීමට ගිවිස ගත්තත් අවුරුදු තුන්සියයක් පමණ පෘතුගීසි, ලන්දේසි ආක‍්‍රමණයන්ගෙන් ගැමියා රැුක ගත් ඉඩම් දේපල ඔවුන්ට අහිමි විය. එපමණක් නොව මුහුදුබඩ ප‍්‍රදේශවලට අධ්‍යාපන පහසුකම් ලබාදුන් අතර ඔවුන් උඩරට පළමු ස්වභාෂා පාසල ආරම්භ කළේ 1856 දීය.එනම් ගිවිසුම අත්සන් කර අවුරුදු හතළිස් එකකට පසුවය. මෙම ප‍්‍රදේශවල සිට කොළඹට ප‍්‍රවාහන පහසුකම් සපයා දුන්නේ 1827 දී හමුදාවන්ගේ ගමන් පහසුව සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා දුන් පසුවය. උඩරට ඉඩම් බුක්ති විඳීමේ චාරිත‍්‍රය පැවතියේ ප‍්‍රදේශයේ ජනතාවගේ සමගිය හා එකමුතුව රැුකගැනීම අරමුණු කොටගෙනය. මේ අනුව පාසල් සිසුනට බොහො අධ්‍යාපනික තොරතුරු ලබා ගෙන සුවිශෙිෂි මාධයක් ලෙස පුවත්පත් මාධ්‍යයෙන් ලබා දෙන සේවය අපමණය.


No comments:

Post a Comment