සිත් ගත් කාටූනය



You Tube  - අන්තර්ජාල ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධයෙන් ලබාගත්  මා සිත් ගත්


ATTACK ON TITAN Eren's mothers death (HD) English sub


Video නැරඹීම සදහා මෙහි Click කරන්න




‘‘ගෙදර බුදු ලෙස ලෙවම උවම් කළ
ලොවක පිදුම් ල`ද ලොවට උතුම් ලද
අම්මා.....    අම්මා.....    අම්මා.....


එදා ප‍්‍රවිණ ගායන ශිලපී ‘‘සුන්ල් එදිරි සිංහයන් ’’ ගැයු ‘‘අම්මා ’’ ගැන වු මව් ගුණ ගීතය දශය ගණනකට එහා ඈත අතීතයේ මෙන්ම අදත් එහි රසය, ප‍්‍රතිභාව, අපූර්වත්වය  එදා මෙන්ම අදත් අල්ප මාත‍්‍රයක අංශු මාත‍්‍රයක අඩුවක් නොමැතිව වින්දනය කළ හැකි බව නොරහසකි.මන්ද යත් මා ලොවට ජනිත කළ අම්මාගේ ගුණ සයුර මනා කොට අර්ථ රසයෙන් ශබ්ධ රසයෙන් සංකලණය කරමින් සුමිහිරි පද මාලාවකින් මනා කොට ගෙතා ඇති බැවිනි.
         මවකගේ සෙනෙහස අපමණය. ඒ සේයිනම උත්තරීතරය. එවන් උත්තාම ගුණ සයුරක් කැටිකොට නිර්මාණය කරනා බොහෝ සෙයින් නිරිමාණ ඒ කාන්තයෙන්ම සාර්ථකත්වයක් කරු ගෙනයා හැකි වන්නේමය. එවන්  සාරථකත්වයක් කරා යැමට තරම් වු ප‍්‍රභල අර්ථ පරිපූර්ණ පෘතුලභාවයක් අම්මා යන වචනයෙන්ම උද්දීපනය කරනයි  


අප මෙහිදී ශ‍්‍රව්‍ය දෘශ්්‍ය මාධ්‍යය ඔස්සේ නැරඹු කෙටි විඩියො කාටූනය ද නිරූපනය කරන්නේ දරුවන් කෙරෙහි දෙමා පියන්ගේ සන්තානය තුලත් , දෙමාපියන් කෙරෙහි දරුවන්ගේ චිත්ත සන්තානය තුළත් උද්දීපනය වන්නා වු සෙනෙහසයි. දෙපාර්ශවයේම චිත්ත සෙනෙහස එම කෙටි වීඩියෝ දර්ශනයෙන් පේ‍්‍රක්ෂක අපට අවබෝධ කර ගත හැකිය.

එහිදි මෙලෙස ඉතා සංතෝපයෙන් දෙමවි පිය දරු සෙනෙහස නිරූපනය කරයි.මව පියා හා දුව පුතාගෙන් නිර්මාණය වු කුඩා පවුලකි. හදිසියේම ඔවුන්ගේ ගම්මානයට කිසිදා නොදුටු නෙවිරූ රුවින් මිනිසුනට සම වූ නෙමිනිස් ගුණ ඇත්තා වු වියුරු රාක්ෂ වෙස් ගත්තා වූ සත්ව කොට්ධාෂයක් කඩා වදී. ඔවුගේ දත් යකඩ උල් මෙන් තියුනුය.දෑස් වල ඇත්තේ වියරුවෙන් රත් වූ නොසන් සිදෙනා රුධිර පිපාසය හා කුසගින්නය.
දෑත් නර ලෙයින් තවරා ගත්  ඔවුන් ශරීරයෙන් කෙතරම් සුව්ශාල ද යත් ඔවුන්ගේ දෙපයේ මහපට ඇ`ගිල්ලට  පමණක් ගම්මානයේ සුවිසල් නිවසක් සුනු විසුනු කර දැමිය හැකිය.ඔවුන් මු`එ ගම්මානය ම  විනාශ කරන්නේ රුධිර පිපාසයෙනි.මිනිසුන්ගේ බෙලි කඩා රුධිරය පානය කරන්නේ කිසිදු හැගීම් දැනීමක් නෙමැති සිතකින් යත් යකඩ සිත් ඇති වූවන් විලසිනි.
බියට පත් වූ මිනිසුන් දිවියපුරු රැුස් කළ ධනය. නිවෙස් වාහන උන් හිටිතැන් දමා දුවන්නේ ජීවිත ආශාවෙනිි. සිය පණ රැුක ගැනුමට දුවන්නවුන් අතර සිය දිවියට රැුක වරනයක් සොයා දුවනා දරු දෙදෙනෙකි. ඔවුනට සිය ජීවිත ආශාව එක්වර  අමතකව උන් හිටිතැනම සිය දෙපා එක්ටැම් කු`එ සේ නෙසෙල් වි නවති. 
මක් ද යත් ජීවිත ආශාව ඇත්තාවු ඔවුනට එය නැත්තාවු සේ නොව සිය දිවි මන්පෙතහට දිවිපණ නළ පේවු , බිහිසුනු මරු කතරේහි අහිමි වන්නට යන්නා මැණිකක් සොයනා මැණිකක් සේ  එහි වු පිරිමි දරු සොයන්නේ මැණිකට සම කළ නොහැක්කා වූ ලොකාග‍්‍ර වු මාතෘ මාණික්කයයි.  ඔහුවු ඔහුටම අමතක විය. එසැනින් හැරුනේ  කදුලින් පිරවුනු දෑසින් ඇතිව සිය සිත් සැනසු මව් සෙනේහෙකදම්භය කොහි ඇද්දොයත් මවු තනි වූ මරු කතර වෙතටමය. ඔහු එසැනින් පැමිණිනු දෙපයේ  වේගය අජානීය වෙගයක් සිතටත් ගතටත්  මව් ගුණයෙන් ම එක්කරමිනි.  මෙහි නිරූපනය වන දරුවන්ගේ මව බිදුනු නිවසට යටවි කිසිවක් කරගත නෙහැකිව බිම වැතීරි සිටින්නේ අප‍්‍රාණික වු සිරුරත් බි`දුනුදෙපයක් නිසාය. පුතු ජීවිත ආශාව අත හැර මව් බේරා ගැණීමට මහ හඩින් කෑ ගසමින් දිව යන්නට සැරසේ, එසැනින්ම තම සහොදරිය ඔහුව එයින් වලකාලීමට  සිය දෑත සහොදරයා වලකා ලීමට දිගු කරයි.  ඇගේ දිගු කළ දැතින් ගම්ය කරවන්නේ තම සහෝදරයා රුදුරු රකුසන්ට බිලිවී මිය යනු දැකිය නොහැකියාවෙනි. 
එය එසේ වු කලි ඒ දිගුකල දැත්න් මවගේ ජීවිතය රකුසන්ගේ ගොදුරක් කිරීමක් සේ ඒ අවස්ථා සන්සිද්ධින් දෙකක් ලෙස නිරූපිත චිත්ත ගට්ටනයක් සිය දියණිය තුල වි ඇති බව ඇයම දිගු කළ දැත සිය අනෙක් දෑතින් ඇදිම නිරූපන්ය කරන්නේ ඇය තුල වු මානුෂිය උද්වේග කාරි සාදාරනීය චිත්ත ගට්ටනයකි. මෙහිදි මය සම්පාදිතයා මනාය රූප සංචරනය කොට ඇත. ඇයට ද තම ජීවිතයටත් තම සහෝදරයාගේ ජීවිතයටත් වඩා මාතෘ ජීවිතය රුක ගැනුම ශ්‍රේෂඨ දෙයක් හෙයින්  දෙදෙනා දිව යන්නේ මරු කැදවුම් මුඛයේ අසරණවු මවු දෙසටමය.මෙහිදි දැරුයක තුලින් කාන්තාවකගේ ලද බොළද බියකු`එ බව මනාව නිරූපනය කර ඇත.
සහෝදරිය ඔහු වලක්වාලීමට මුවින්ද වදන් පිටකර ඇත. සැබවින්ම ඔහු නවතා ලීමට නෙහැකි විය.මන්ද යත් ඒ දෙදරුවන්ගේම මවයි.ඇයද සහෝදරයි සම`ග මවු සොයා දිව යන්නේ තම ජීවිතයට වඩා  හදේ ජනිත වන මව් සෙනෙහස නිමක් නැති නිසාමය ඔවුන්ට තම ජීවිතයට වඩා ලෙවක් මවා දුන් අම්මා අ`ගනේය.
මහත් ආයාසයක් දැරූවද ඔවුන්ට මවු රුක ගැනීමට නොහැකි විය.ඔවුගේ ජීවිතයේ අවසානය දෑස් අබියසය. තම පුතු මව් රැුක ගැනීමට අපමණ වීරියක් දරයි. දියණියද එ සමව් කඩා වැටුනු නිවස ඔසවා මවු රැුක ගැනුමට වීරීය යොදවයි. එහෙත් ඔවුන්ගේ සිතේ පැන නැගුන බල පරාක්ක‍්‍රමය වෙර වඩනා කයට නොවීය. 
කඩා වැටුනු නිවසට සිර වු මව සියල් තතු යුක්ත දැන තම දරුවන්ට නෑ ගසා තමාව අත් හැර දිව යන්නයැයි අණ කරන්නනේ  දරු සෙනේහසේන් උතුරු යන ලය මඩලින් යුතුවය. 

නමුත් මෙවුන් සිය මවු හැරපියා නෙයන්නේමය. මෙහිදි රචකයා මවු සෙනෙහසත් දරුවගේ හදවතේ මව කෙරෙහි මාතෘ සෙනෙහසත් තීවෟර ආකාරයෙන් එම චරිත තුලින් විi මාන කරන්නේ රචකයාගේ ප‍්‍රතිභාපුර්ණ ලෙස චරිත රූප සදහා පණ පොවමිනි.



නමුත් මෙවුන් සිය මවු හැරපියා නෙයන්නේමය. මෙහිදි රචකයා මවු සෙනෙහසත් දරුවගේ හදවතේ මව කෙරෙහි මාතෘ සෙනෙහසත් තීවෟර ආකාරයෙන් එම චරිත තුලින් විද්‍යමාන කරන්නේ රචකයාගේ ප‍්‍රතිභාපුර්ණ ලෙස චරිත රූප සදහා පණ පොවමිනි.
මෙහිදි වාසනාවකට මෙන් සටන්කාමී බල ඇති  පියා එසැනින් එතැනට පැමිණෙ බිරිදත් දරුවන් රැුක ගැනීමේ අදිටනින් පියා ලේ පිපාසිත රකුසු යොධයන් සම`සටනට මහත් වූ වීරියකින් ඔවුන් ඉදිරියටම යයි.  එහෙත් 
සිදුවන්නේ නෙසිතු විරු දෙයකි. 
සිතේ අපමණ වීරියක් පියා සතුව තිබුන ද කාය බලය ඒ සෙයිනම ඔවුන් සම`ග සම නොවේ. පියා එ බිහිසුනු මොහොතේ බියකට පත්වේ. එසේ වන්නේ ඔහු සතුව පවත්නා කාය බලය  රකුසු මිනිසුන්  සමග සටනට ප‍්‍රමාණවත් නොවීම නිසාවෙන් විය හැකිය. 
ඔහු එසැනින් ආපසු හැරි තම ලැබැදියන් වෙතට දිව එන්නේ  අවස්ථානොචිත අති දුක් මුසු සාධාරන තීරනයක්අතිවයි.
මේ අවස්ථාවෙදි රූප සංරචකයා විසින් සාදාරන මනුෂිය තිරිණයන් හා පියෙක් තුල තිබිය යුතු සම සාදාරනික කැපකිරීම පුරුෂයෙක් ලෙස බැලූ කල ගන්නා  තීරණ මනාව පෙන්වා දි ඇත. මෙතේක් මහත් වු මාතෘ වියොවෙන් දරුවන් අත් මුදවා ගත හැකිවෙයැයි බලාපොරොත්තුවෙන්  සිටියි. දරුවන්ද මවු බේරා ගත හැකි වේයැයි  නෙත් දල්වා සිටි 
දෙදරුවන්ගේ සිහිනයන් නෙසිතු විරූ ලෙසින් ඉතාමක් කේදජනකනීය  අයුරුන් මවගේ සාදාරනීය වු ඉල්ලිම ඉදිරියේ සිහනයන් බවට පත් විය. මවක් වශයේ  දරුවන් කැටුව පලා යන්නයැයි  කළ ඉල්ලීම ස්වාමීයාට තම බිරිදත් , තම දරුවනට තම මවත් සදහටම අහිමි වී යැමක් සේ විය. 


මව බේරා ගැණිමට පැමිණි දරුවනටඇය අතහැර පලා යන ලෙස ද්වේශයෙන් කෑගැසුවත් සත්්‍ය ලෙසටම ඔවුනොවුන් වෙන් 

වන අවස්තාවේ පිටව යන ලෙස අණ කළ මවගේ මුවින්ම  ඔවුන් ගිය පසු රැුදී සිටිනන්යැයි ඉල්ලා සිටියේ  ධාරක ස්නේහයෙන් බිහිසුනු ලෙස වෙන්ව යන මොහෙත පෙර මතකයන් රැුදි ක`දු`එ බිදු මතිනි. 
මෙහිදි රූප සංරචකයා විසින් එත් අවස්තාවක් තුල එක් සිදුවීමක් තුළ දරු සෙනෙහස නිසා තමා අත්හැර යන ලේසත්. අත් හැර යන දරුවන්ට තමාව අත් හැර නොයා තමා අසලින් සදා සිටින

ලෙසත් ආයාචා කර්න්නේ  ඉමක් කොනක් නැති අප‍්‍රමාණ වු දරු සෙනෙහස නිසාවෙනි.  මවකගේ හ`දවත නිතැතින්ම පවතින්නේ දරුවන්ගේ දැස් අභියසටමය. දරුවාත් මවත් කිසි සේත් වෙන් කළ නොහැක්කකි. 

ඉතා සංවේදි මෙම අවස්ථාව මවු සෙනෙහස කදිමට නිරූපණය කරයි.දරුවන් කිසිවක් කර කියා ගත නෙහෙකිව දල්වා ගත් නෙතින් බලා සිටියි.මේ අතර තුර රුධිර පිපාසිත යෝධයා බි`දුනු නිවෙස් විපරම් කරන්නේ මිනිස් පු`එටක් සොයා ගැනීමටය. 

එහිදී ඔවුනට දරුවන්ගේ මව නෙත ගැටේ කිසිදු මානුෂික හැ`ගීමකින් අනඅකම්පාවකින් තොරව ඇය දෑතට මිටමෙලවා ගනී. මව ජීවග‍්‍රහයෙන් මිදීමට තැත් කර නමුත්, ගෙල අඹරා රුධිරය පානය කරන්නේ දරුවන් නෙත් දල්වා බලා සිටියදීමයි. 

මවගේ ගෙල කඩා  දමන් ක්ෂණයෙහිම රුධිර දහරාවේ  සිය දරුවන් සිටිනා දිශාවට වෙගයෙන් විසිරී ගොස් මිහිකත තෙත් කරයි. මෙහිදි  මවකගේ ළයෙහා කෙතරමි දරුවන් කෙරේ අපමන සෙනෙහසක් ඇති බව නිරූපණය කිරීම ස`දහා එසේ මවගේ රුධිරය දරුවන් සිටීනා දිශාවට විහිදි යන ආකාරය නිරූපණය කිීමෙන්  දරු සෙනෙහස රුධිරයෙ ද පණ පෙවී ඇති බව විද්්‍යයමාන කරවයි.මෙ අනුව සමස්ථයක් ලෙබැලීමේදි මේම කාටූනය ඉතාමත් සාර්තක නිරිමාණයක් ලෙස පෙන්වා දිය හැක.




         එමෙන්ම මෙහිදි අපට තවත් යථාර්ථයක් අවබෝධ කළ හැකිය.මිනිසුන් වන අප ද විවිධ වූ සතුන් මරා දමා ආහාරයට ගන්නේද මෙලෙසටම නොවේ ද?
රුධිර පිපාසිත යෝධයන් මෙන් අපද, පෝෂිත ඌණතාවයෙන් තවකෙකුගේ මාංශයන් සොයා සතුන් මරා දමා ආහාරයට ගන්නේ මේ අයුරින්ම නොවේ ද?

තිරිසන් සත්වයාවද මේ ලෙසටම තම  දරුවන් සහොදරයන් ඥාතීන් වියෝ වී තවත් අයෙකුගේ ගොදුරක් බවට පත් වන්නේ මේ ආකාරයෙනම නොාව්ද?  මෙය මදක් සිතන්නට සුදුසු කාලයයි.



No comments:

Post a Comment