v පොතේ උපත
අප දන්නා කාලයේ සිට වෙන කවරදාටත් වඩා ධර්මය ගැන කතාබස් කිරීමේ උනන්දුවක් වර්තමානයේ පවතින බව පැහැදිලිව පෙනෙන කරුණකි. එය යහපත් නිමිත්තක් ලෙස සැළකිය හැකියි.
එහෙත් තමා විසින් සොයමින් සිටින, කතාබස් කරමින් සිටින ඒ ධර්මය කුමක්දැ’යි තමාටවත් නිරවුල් ලෙස තෝරා බේරා ගැනීමේ හැකියාවක් බොහෝ දෙනෙකු තුළ තිබේද යනු සැක සහිතයි. එයට හේතුව සද්ධර්මයේ නාමයෙන් විවිධ මතිමතාන්තර, වාද විවාද වලින් සංකීර්ණ වූ පරිසරයක් තිබීමයි. සමහරුන් ධර්මය හැටියට පවසන්නේ පුදුමාකාර දේවල්ය. කා-බී, හැඳ-පැළඳ ජීවත් වීම උදෙසාම පමණක් ධර්මය කතා කළ යුතු බව කියයි. මෙලොව හා පරලොව දෙක්හිම සුරක්ෂිත භාවය පිණිස මේ ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමේ වටිනාකමක් ඔවුහු නොදකිති. එය මහත් අවාසනාවකි. එබඳු පිරිස ගෙන් ධර්මය ඇසීම තුළ ධර්මයෙන් ඵල නෙළාගත නොහැකිය. එබඳු ධර්මයක් අසා අන්ධබාල පෘථග්ජන භාවයෙන් නම් මේ ජීවිතය කිසිදිනක නිදහස් කරගත නොහැකිය. එහෙත් නිතිපතා ධර්මයේ ගුණ පාළියෙන් කියන ඔබ එහි තේරුම් ඉගෙන ගෙන තිබේද යන්න අප නැවතත් සිතිය යුතු කරුනකි.
බුදුරජාණන්වහන්සේ වදාළ ශී‍්‍ර සද්ධර්මය(ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ*, මේ ජීවිතය තුළදීම දැකිය හැකි නම් (සන්දිට්ඨික*, සෑම කාලයකම අවබෝධ කළහැකි නම් (අකාලික*, ඇවිත් අවබෝධ කරන්න යයි හඬ ගා පෙන්වා දිය හැකි නම් (ඒහි පස්සික*, තමා තුළින්ම දැක්ක යුතු නම් ( ඕපනයික*, බුද්ධිමත් මනුෂ්‍යාට ප්රත්යක්ෂ කර ගත හැකි නම් (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහි*, නොපෙනෙන ලෝකයක, නොපෙනෙන අනාගතයකට ධර්මාවබෝධය කල් දැමීමේ සමහරුන්ගේ තීරණයන්හි ඇති භයානකකම සිතින් සිතාගත නොහැකි තරම් මෝහ මුලිකය.
ධර්මය වනාහී මේ ජීවිතයේදී අවබෝධ කළ නොහැකි දෙයක් නම් බුදුවරුන්ගේ පහළවීමෙන්, සද්ධර්මය දේශනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? යම් හෙයකින් මේ ජීවිතයේදී ධර්මය අවබෝධ නොකළ හැකි නම් කිසිදාක රහතන් වහන්සේලා, මාර්ගඵල ලාභීන් පහළ විය නොහැකිය. එහෙත්
ඓතිහාසිකව කෝටිවාරයකටත් වඩා ඔප්පු වී තිබෙන සත්‍යය එය නොවේ. මේ ජීවිතයේදීම අරහත්වය සාක්ෂාත් කළ උතුමෝ අපමණවත් සිටියහ. දැනුදු මේ සද්ධර්ම මාර්ගයේ අල්ප මාත්‍ර අඩුපාඩුවක් නැත. ඒ ගැන කිසිසේත් සැක උපදවා ගත යුතු නැත. මේ සද්ධර්මය ඉරහඳටත් වඩා ප්රභාස්වරයජීවමානය.
එවන් වූ ජීවමාන ධර්මය මෙකල බොහො දෙනා ගෙන් ඇත්ව ඇත්තේද, කාලාන්තරයක් තිසිසේ නිවැරදිව ශ්‍රී මුඛ බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම අප හට කියා දෙන්ට හා අසන්නටහො ලොලැබී ගිය නිසාවෙනි. ඒ හේතුව නිසාම බොහෝ කාලාන්තරයක් පුරා සමාජය තුළ විවිදාකාර මති මතාන්තර දෘෂ්ටීන් නිරිමාණය විය. මේ හේතුවෙන් ධර්මයේ හැසිරෙන්නවුන් ක්‍රමයෙන් අහිමි වී යන්නට ද ඇත. දැනුදු සමාජය තුල සත්්යය, අසත්්යය කුමක්දැයි බොහො දෙනා නෙදනිති. අතරමන්ව දෘෂටි ජාලාවක පැටලී සිටිති. මෙම තත්වයේන් අත්මුදවා ගැනිම පිනිස ‘‘ මහමෙව්නා භාවනා අසපු වාසි අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද’’ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් ‘‘කව්ද ඔයාලට මේතරම් බොරු කිව්වේ ?’’ යනුවේන් ඉතාමක් හරවත් වු ආකාරයේන් පින්වත් ශ්‍රාවකයන් හට තමාගේම නුවණ මෙහෙයවා යථා ස්වභාවය යථා ස්වභාවය ලෙසටම අද්දැක ගැනීම පිනිස ප්‍රශ්න විචාරාත්මක ආකාර වුත් එම`ගින් නුවණ වඩවනා ආකාර දේශනාමය ශෙයිලියත් යෙදා ගනිමින් ඉතාමත් සාර්ථක අන්දමින් මෙම උතුම් පොත් වහන්සේ රචනා කොට තිබේ.
මේ පොතෙන් පාඨකයාහට කිසියම් විනෝදයකුත් ලැබෙයි. දැනුමකුත් ලැබෙයි. සමාජය තුළ කෙරෙන කතාබහ තුළ ඇති නිසරු බව ගැන අවබෝධයකුත් ලැබෙයි. එමෙන්ම මේ සමාජය තුළ මොනතරම් බොරු තිබේ දැයි පුදුමයට පත් කරවයි. ලොව බොහෝ සෙයින් තිබෙන්නේ සත්‍යය නොව බොරුවයි. බොරුවෙන්ම බලවත් වූ බොරුවම රජකරන බොරුවම කිරුළු පළන් සමස්ථ ලෝකය තුළම සත්‍යයට ඇත්තේ ඉතාමත් සීමිත ඉඩකඩකි.
එ් සත්‍යය අතර චතුරාර්ය සත්‍යය යනු සනාතන සත්‍යයකි. එය අවබෝධ කළ යුතු, අවබෝධ කළ හැකි සත්‍යයකි. රැුකවරණය ලැබෙන සත්‍යයකි. ලොව කිසිවෙකුටත් එම සත්‍යය බැහැර කොට වෙනත් සත්‍යයක්
ඉදිරිපත් කළ නොහැකිය. එතරම්ම එය සත්‍යයය. එයට ඇති බාධාව බොරුව මිස සත්‍යය නොවේ. මේ පොත කියවද්දී මනුෂ්‍ය ජීවිතය වෙලා ගත් බොරු කොතෙක් තිබේ දැයි ඔබටම ප්රත්යක්ෂ වනු ඇත. එමෙන්ම බොරුවකට හසු නොවී සත්‍යය පවසන්නට නම්, සත්‍යය තුළ රැුඳී සිටින්නට නම් ඉගෙනගත යුත්තේ සත්‍යයමයි. එ් සත්‍යය තිබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ පමණි. එ් ධර්මය හොඳින් සැවොම ඉගෙන ගත යුතුවේ. එවිට මෙයින් පවසන්නේ බොරුවක් නොවන බව ද පසක් වේ.
ජීවිතය පිළිබඳව මෙන්ම විවිධ ලෝක, විවිධ සත්ව වර්ග, විවිධ ජීවීන් හා ඔවුන්ගේ අදහස් සියල්ල දැනගන්නට නම් කියවිය යුත්තේ බුද්ධ වචනයයි. එමෙන්ම සැබෑම විමුක්ති මාර්ගය කුමක් දැයි දැනගැනීමට නම් කියවිය යුත්තේ බුද්ධ වචනයයි. එමෙන්ම මිත්‍යා දෘෂ්ටියෙහි ස්වභාවයත්, නා නා මිත්‍යා මතවාදවල ස්වභාවයත් එ් තුළ සත්වයා සිරවී සිටින ආකාරයත් දැන ගැනීමට නම් කියවිය යුත්තේ බුද්ධ වචනයයි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ රටවල් වලට පැතිරී ගිය යුගයක් තිබුණි. එම ධර්මයෙහි ප්‍රායෝගිකව හැසිරීමෙන් මාර්ගඵල උපදවා ගත් බොහෝ ශ්‍රාවකයෝද සිටියහ. නමුත් දැන් එ් සියල්ලම උඩුයටිකුරු වී ගොස් බොහෝ කල් ගත වී හමාරය. එනිසා දැන් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම පිළිබඳව කතා කිරීම පවා බොරුව තුළ ජීවත් වන අයට බලවත් හිසරදයක් බවට පත් වී ඇත. එතරම්ම බොරුව රජ කරයි. බොරුව වෙනුවෙන් සැදී පැහැදී සිටින්නට පෙරමුණ ගත් පිරිස ගිණිය නොහැකි තරම්ය. සත්‍යය වෙනුවෙන් තිබෙන්නේ හුදෙකලා හඬකි. එහෙත් සත්‍යය වනාහී සත්‍යයමය. බොරුව වනාහී බොරුවමය. බොරුවම ස්ථාපිත කිරීම පිණිස බොහෝ ආයතනයන් සැදී පැහැදී සිටින හෙයින් බොරුවටම අනුබල ලැබෙන හෙයින් බොහෝ විට ජය ගන්නේ සත්‍යය නොවේ. එනිසා බොරුව ජයගෙන සත්‍යය පාගා සිටින ලොවෙහි සත්‍යය කැමැති සත්‍යවාදියා දුක සේ හෝ එ් සත්‍යය රැුකගත යුතුය. සත්‍යය උදෙසා ඔහුගේ කැපවීම සනාතන ජීවිතයක සුන්දරත්වය මතුකර දෙයි.
No comments:
Post a Comment