v පොතේ උපත
නවකතාව, කෙටිකතාව, කවිය, විචාර කලාව හා ශාස්තීය අධ්‍යන ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හී නිරත වු විද්වතෙකු වන ”මිණුවන් පී. තිලක රත්න මයා ” විසින් 1991 දී ”තෘෂණාභරණ” නම් නව කතාව රචනා කරන ලදි. මෙම නව කතාව ස`දහා පාදක කොට ගෙන ඇත්තේ ”දඔදෙනි යුගයේ” විසූ ධර්ම සේන හිමියන් විසින් රචිත ”සද්ධර්ම රත්නාවලියේ” එන ඓයිතිහාසික ”සුඛසාමණේර” කතා වස්තුවයි.
”තෘෂ්ණාභරණ” ඓතිහාසික කතා පුවතක් මූලාශ‍්‍ර කොට ගත්ත ද එම`ගින් සමකාලීන සමාජ ප‍්‍රවනතාවයන් කු`එ ගැන්වෙන අන්දමටනව ප‍්‍රති නිර්මාණයක් කර ඇති බව හ`දුනා ගත හැකිය. එහිදී
ආකෘතිය. වස්තු විෂය. චරිත නිරූපනය ආදී අංග සම්බන්දයෙන් නව ම`ගක ගමන් කරන්නට ගන්න ලද උත්සහයක් පිළිබිබු කරන ”තෘෂ්ණාභරණ” වර්ථමාන සිංහල නවකතාවට තව දුරටත් ව්‍යාප්ත වීමට ඉඩකඩ සපයන එක් ක්ෂේත‍්‍රයක් පිළිබ`දව ඉ`ගයක් ද ඉස්මතු කොට දක්වන පර්යේෂණාත්මක නව කතාවක් ලෙස හදුන්වා දීම යුක්ති සහගත වේ.
මෙම නවකතාවේ අන්තර්ගතය තුළින්පැහැදිලි වන්නේ ඓතිහාසික කතාව අනුසාරයෙන් ඇතැම් සමාජ. දේශපාලන . ආර්ථික කි‍්‍රයාකාරකම් වලට අනුරූපී වීම නිරූපිත නව නිර්මාණයක් බවයි. ”තෘෂ්ණාභරණ” අගනා සාහිත්‍ය කෘතියක් ලෙස හ`දුන්වා දිය හැක්කේ ඒ ස`දහා නූතන සාහිත්‍යය කරුවා විසින් ආරෝපණය කරන ලද නව සමාජ දෘෂ්ටීන් හේතු කොට ගෙනය. ඒ අනුව ”තෘෂ්ණාභරණ” නවකතාව විශිෂට යථාර්ථවාදි කෘතියක් ලෙස හැදින්විය හැකිය.
No comments:
Post a Comment