v You Tube - අන්තර්ජාල ශ්‍රව්‍ය දෘශ්‍ය මාධයෙන් ලබාගත් මා සිත් ගත් ගීතය
Video නැරඹීම සදහා මෙහි Click කරන්න
ස`දකඩ පහනක කැටයම් ඔපදා
පාවෙන දේදුනු ලැගුම් ගනිකැළතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ
යුගයෙන් යුගයට නෙමියෙන දහමක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඇතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැළවෙද්දි
යුගයෙන් යුගයට නෙමියෙන දහමක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඇතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැළවෙද්දි
දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළට ගොනු කෙට රදවා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළට ගොනු කෙට රදවා
පොපියන දෙතොලක් එහි රුන්දු
අහසක් ගුගුරා ක`එවක් වපුරා
ඒ හා මුහු වුනු වැහි බිංදු
ඈ ගෙන යද්දි නටඹුන් අතරට
තවකෙක් ඈ වෙත හද රැුන්දු
හද විල ඉපැදුන කැකුලක් නෙතලා
නටුවෙන් ගලවා දුරක යවා
මිහි ලිය තෙත් කොට ගිළිහුනු ක`දුලක්
සත් සමු`දුරට මුහුව ගියා
ඒ හා මුහු වුනු වැහි බිංදු
ඈ ගෙන යද්දි නටඹුන් අතරට
තවකෙක් ඈ වෙත හද රැුන්දු
හද විල ඉපැදුන කැකුලක් නෙතලා
නටුවෙන් ගලවා දුරක යවා
මිහි ලිය තෙත් කොට ගිළිහුනු ක`දුලක්
සත් සමු`දුරට මුහුව ගියා
ඔබට උරුම වු රිදුනු තැවුනු හද
එක්ටැම් මැ`දුරක කවු`එ අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා
එක්ටැම් මැ`දුරක කවු`එ අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා
හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට අද දක්වා ම මෙරට රසික සවන්පත් සනහාලන ‘‘ස`දකඩ පහනක කැටයම් ඔපලා ’’ ගීතය වොලී නානායක්කාරයන්ගේ කු`එ`දුල් සංගීත රචනයයි. මෙම ගීතය ‘‘සතිස්චන්ද්රඑදිරිසිංහයන්’’ අධ්‍යක්ෂණය කළ ‘‘මාතර ආරච්චි’’ චිත්‍රපටිය තුලින් මෙරට සුව හසක් රසිකයන්ට පි`දුනු මහ`ගු තිළිණයක් විය. ‘‘වික්ටර් රත්නායකයන්ගේ ’’ සංගීත අධ්‍යක්ෂණය හා මුසුවු ප්‍රතිභා පූර්ණ ගායක ‘‘සුන්ල් එදිරිසිංහයන්’’ විසින් ගායනයට ප්‍රවේශ වු පළමු ගීතය ලෙස ද හ`දුන්වා දිය හැකිය.
‘‘ස`දකඩපහණක’’ ගීතය බැලූ බැල්මට රසිකයන්ගේ සිත් ඇද ගැනීමට සමත් ගීයක් ලෙස පෙනී යයි.එයට මූලීක හේතුව ලෙස එහි සංගීතය, පදමාලාව හා ගායනයේ දක්නට ලැබෙන ශබ්ධ මාධුර්යය යැයි සිතේ. එහෙත් මෙම ගීතයේ අර්ථය හ`දුනා ගැනීම ඉතා සංකීර්ණය. ගීතය ඇසූ පමණින් එහි රස වින්දනය කළ හැකි වුවද එහි තේමාව මතු පිට පෙනෙන අර්ථයට වඩා ව්‍යංගාර්ත බවක් ගැබ්වී ඇති බව පෙනේ . එනම් මෙම ගීතය රචකයා විසින් පරිකල්පන ශක්තිය මෙහෙයවා ප්‍රතිභාවෙන් අනූන ගීයක් ලෙස නිර්මාණය කර ඇත. මෙම ගීතයේ අර්ථය අර්ථය හ`දුනා ගැණීමට නම් මෙම ගීතය ඇතුලත් චිත්‍රපටයේ අන්තර්ගතය හා ගී පද මාලාව සන්සන්ධනාත්වකව විමසා බැලිය යුතුය.
‘‘මාතර ආරච්චි ’’ චිත්‍රපටය ස`දහා තේමාව වන්නේ පෙම් පුවතකි. එනම් පෙම් සබ`දතාවය අතර තුර තරුණයා හට වැඩි දුර අධ්‍යාපනය ස`දහා විදේශගත වන්නට සි`දුවේ. ඉන් පසුව ඔහු ආදරය කළ එම තරුණියට ඇගේ පවුලේ දැඩි බලපෑම මත අකමැත්තෙන් වුවද වෙනත් තරුණයෙකු හා විවාහ වීමට සිදුෙවි. කළකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහා වේදනාව මෙම ගීයට කැටිවේ.
‘‘ස`දකඩපහණක කැටයම් ඔපදා
පාවෙන දේදුනු ලැගුම් ගනි
කැළතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ .....’’
ස`දකඩපහණ යනු බෞද්ධාගමික සංකේතයකි. එනම් විහාර මන්දිරයට පිවිසීමේදී මුලින් ම දක්නට ලැබෙන්නේ ස`දකඩපහණයි. එසේම මේ පෙම්යුවළගේ පේ‍්‍රමයේ අඩිතාලම ලෙස ද ගම්්යවේ. ගීතයට ප්‍රවේශ විමේදී ම ඔවුන් දෙදෙනාගේ ප්‍රෙමයේ සංකේතය ලෙස ස`දකඩපහණ ලෙස උපමාකොට තිබීම රසිකයා තුල හුරු පුරුදු බවක් පිවිතුරු බවක් ඇතිවේ. එනම් මොවුන් දෙදෙනාගේ ආදරය කෙමෙන් කෙමෙන් හැඩවැඩ වී ඇත්තේ ස`දකඩ පහණක අලංකාර කැටයම් සේ ස්ථිර ලෙයසි. එහෙත් එසේ සිතු ප්‍රෙමය අද පාවෙන සිතුවිල්ලක් පමණි
‘‘ පාවෙන දේදුනු ලැගුම් ගනි .....’’
යනුවෙන් පේ‍්‍රමය පිළිබ`ද මනෝභාවයන් හි වෙනස් වීම දේදුන්නකට උපමා කොට ඇත. දේදුන්න යනු වර්ෂාවට පෙර ස්වභාදහමේ අපූර්ව නිර්මාණයකි. එය වූ කලි පේ‍්‍රමයේ සොදුරු බව හා මනාව ගලපා ඇත. එනම් ස`දකඩපහණක් සේ සො`දුරු සහ ස්ථීරයැයි සිතු පේ‍්‍රමය අද වන විට මෙහොතින් මෙහොත දේදුන්නක් සේ වෙනස් වී ඇත. ඒ තුළින් රචකයා තරුණයාගේ සිතේ සිතුවිලිවල සුන්දරත්වය වෙනස් වීමේ ස්වභාවය මනාව කැටිකොට දක්වා ඇත.
‘‘ කැළතුනු රසයක පැන ආ බුබුලක් .....’’
පේ‍්‍රමය නිසා සිතුවිලි මත අතරමං වී සිටින මෙම තරුණයාගේ හදවතෙහි ඇති වූ කැළතීමේන් හටගත් ආදරය නැමති අකුරුවැල අද දිය බුබුලක් වන් අස්ථීර තත්වයකට පත්ව ඇත. මෙසේ තරුණගේ සිතෙහි ඇති වු කැළතීම පේ‍්‍රමයේ සිතුවිලි හා මනාව රචකයා විසින් ගලපා ඇත.ආදරය නැමති අකුරු වැල දෙහදේහිම ලියවී ඇත.මෙවුන් දෙදෙනාගේ මෙවු දෙදෙනාගේ පේ‍්‍රම බන්`දනයේ මුහුකුරා යාම මනාව ගම්්ය මානවේ.
‘‘යුගයෙන් යුගයට නෙමියෙන දහමක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඇතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැළවෙද්දි’’
මේ තරුණ පෙමි යුවළකාලක් මු`එල්ලේ ආදරයෙන් සිටිය බව කාලය ‘‘යුගයෙන් යුගයට’’යනුවෙන් යෙදීම තුළින් එය හ`දුනාගත හැක. එනම් පේ‍්‍රමයෙන් බැදී කාල පරිච්ජේදය එක් යුගයක් නම් පේ‍්‍රමය මුහුකුරා ගොස් විවාහයට එළබීම යනු තවත් යුගයකකි. එසේ දෙදෙනා එක් වීමේ කාලය එළඹෙත්ම නෙසිතු විරූ ලෙස වියෝ වන්නට සිදුවේ.මෙවුන් දෙදෙනාගේ බැදීමේ ශක්තිමත් බව කෙතරම් ද යන්න
‘‘නෙමියෙන දහමක දිවියක පදනම මතු වේදී’’
එනම් එය සංසාරගත බැ`දීමක් තරමටම තහවුරු වී පැවතියා යැයි සිතු ආදරය ‘‘සියුමැළි කැකුළක් මැළවෙද්දී’’ පිපෙන්නට පෙර මෙම පේ‍්‍රමය නැමති මල් කැකුළ කැකු`එ අවදියේම මැලවී යාමක් බ`දුය. ඒ පිළබ`ද කිසි`දු තැතීමක් හෝ නෙමැතිව තම පෙම් වතිය වෙත තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා විසින් ඈත් කරනු ලැබ ඇත. එනම් මෙම තරුණයා මෙතෙක් කාලයක් ආදරය කල දෙදෙනාගේම අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් වැඩි දුර අධ්‍යාපනය ලබා ජීවිතය සුඛිත මුදිත කර ගැණීමට සිතා අවශ්‍ය සිය`එ දේ සම්පූර්ණ කර විවිහ වීමට සූදානම් වුවද මෙම පෙම්වතියගෙන් ඈත්කොට තබා ඇත. ඒ පිළිබ`ද මෙම තරුණයා කිසිවෙකුට දෝෂාරෝපණය නෙකරයි. ඔහුගේ පෙම්වතියවෙනෙකෙකු උදුරා ගැනීම මනා සංයමයකින් යුතුව විද දරා ගන්නේ
‘‘සියුමැලි කැකුළක් මැළ වෙද්දී’’
යනුවෙන් ආදරය නැමති පිරිසි`දු මල් කැකුළ විනාශ කරමිනි අහිංසක සො`දුරු බව මේ මෘසු ස්වභාවය එනම් විරහාව නිසා දුර්වල වී ඇත් ආකාරය මනෝභාවයෙන් තරුණයාගේ සිත පිළිබ`දව මනා වැටහීමක් ඇති කරයි.
‘‘දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළට ගොනු කෙට රදවා
පොපියන දෙතොලක් එහි කැන්දු’’
මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙම්න් එකතු කර ගත් මල් පැණි තුඩින් තුඩ එක්කරමින් වදය වෙත ගෙනයයි එසේ වෙහෙස ගෙන එක් රුස් කළ පැණි තැන්පත් කරමින් වදය බ`දින්නනේ ගව්වක් පමණ ඉහළ ස්ථානයකය. පේ‍්‍රම වන්තයාද එසේ සිය පේ‍්‍රමයේ මල්ඵල දකිනු පිණිස එයට අදාල වන සම්පත් එක් රැස් කරයි
‘‘ පොපියන දෙතොලක් එහි කැන්දු’’
එනම් දෙතොළට මී පැණි මෙන් එහි මිහිරට ලොබ බදී.
‘‘ අහසක් ගුගුරා ක`එවක් වපුරා
ඒ හා මුහු වුනු වැහි බිංදු
ඈ ගෙන යද්දි නටඹුන් අතරට
තවකෙක් ඈ වෙත හද රැුන්දු’’
‘‘ ක`එවක් වපුරා’’ අහස `ගු`ගුරා යාම වනාහි අමිහිරි අත්දැකීම්ය. වහින්නට පෙර ක`එ වළාවක් නැගේ. එය පෙම් වතාගේ ආදර ලෝකය අ`දුරක ගිලී ඇති බවත් ඔහුගේ ජීවිතයේ ආලෝකය නිවී ඇති බවත් මෙම යෙ`දුම් තුළින් ගම්‍ය වන්නේද ඔහුගේ ආලෝකය වූයේ ඇගේ පෙම් වතියයි.එහෙත් අද ඔහුගේ ලෝකය ු`දුරු වළාවක් ඇවිත් වසාගෙන ඇත.
ඔහුගේ හ`දවතෙහි වේදනාව කොතරම්ද යත් ‘‘අහසක් `ගු`ගුරු’’ යාම තුළින් එහි කම්පනය මනාව වටහා ගැනීමට සලස්වා ඇත. එපමණක් නොව ඊට පසුව ඇ`ද හැලෙන වැස්ස මොහුගේ පේ‍්‍රමය හා මනාව ඒකාබද්ධ කොට ඇත. එනම් වහින වැස්ස මී පැණී වල තත්වය බාල කරයි. ඒ ලෙසින්ම ඔහුගේ පේ‍්‍රමයට දබාධා මතු කරයි. එනම් පෙම් වතාගේ අතීත පේ‍්‍රම ලෝකය නටඹුන් වී අවසානය. ඒ වන විට ඔවුන්ගේ ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඈ වෙත හ`දවත විවර කර ඇත. ඔහුගේ ආදරයේ විරහව ‘‘නටඹුන් ’’ වලට උපමා කිරීමෙන් සිතෙහි පසුතැවිල්ල මනාව කු`එ ගන්වා ඇත.
‘‘හද විල ඉපැදුන කැකුලක් නෙතලා
නටුවෙන් ගලවා දුරක යවා ’’
පේ‍්‍රමය නැමත් මල් කැකුළ නටුවෙන් මො`දුවී කල් බලා පිපෙන්නට පෙර... නටුවෙන් ගලවා ඉන් නොනැවති දුරක යවා ඇත.එනම් ඔවුන් දෙදෙනා බලහත් කාරයෙන් කිසිදු හැ`ගීමක් නොමැතිව වෙන් කර ඇති බව‘‘නටුවෙන්
ගලවා දුරක යවා ’’ යනුවෙන් යෙදිම තුළින් එය ද්වනිතාර්ථය සංයමයකින් යුතුව රචකයා ඉදිරිපත් කර ඇත. මේ වනාහි
‘‘ මිහි ලිය තෙත් කොට ගිළිහුනු ක`දුලක්
සත් සමු`දුරට මුහුව ගියා’’
මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණ් ක`දුළ සමු`දුර කරා ඇදී යයි. තරුණයාගේ වීයෝ දුක මහී කාන්තිවට පවා උහුලා ගැණීමට නෙහැකි තරම් ක`දු`එ වපුරා ඇත්තේ කොතරම්ද යත් හ`දුනා ගත හැකිය.ඒ ක`දු`එ සත්සමු`දුරෙහිසඅගව ගිය කල එය වෙන් කර හ`දුනා ගන්නට ද කෙනෙකුන් හට නොහැක්කාමය. ඒ ආකාරයෙන්ම ඔහුගේ දුක දුක් සයුරේ ස`ගවාගෙන අපමණ වියෝව වෙදනාවක් විදී.
‘‘ ඔබට උරුම වු රිදුනු තැවුනු හද
එක්ටැම් මැ`දුරක කවු`එ අරා’’
පෙම්වතිය වෙනුවෙන් වැලපෙන පෙම්වතාගේ හ`දවතේ වේදනාව ‘‘රි`දුනා තැවුනු ’’ යන යෙදුම් වලින් සැ`ගවීමකින් තොරව මුඛ්යාර්තයෙන්ම සෘජුවම ප්‍රකාශකොට ඇත. ඒ තුළින් වේදනාවේ ස්වභාවය තී්රවූර කිරීමට සමත් වී ඇත.හ`දවතේ වේදනාවා එක්ටැම් මැ`දුරක් බ`දුය. එහි බලා පොරොත්තුනැමති කවු`එපියන්පත් විවරකෙට ඇත. එනම් මෙම පෙම්වතා තම පෙම්වතිය එනතුරු ම`ග බලා සිටීයි.
‘‘ රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා..... ’’
ඇය වෙසෙන ලෝකය රුවන් විමානයක් විය යුතුයැයි ඇගේ යහපතම පතන ඔහුගේ සිතට අහිංසක සිතුවිල්ලක් ඇති වේ.පෙම් වතාගේ පොපියන හදවත ඇය වෙසෙන රුවන් විමානයෙන් මිදි පියඹා එනතුරු බලා සිටි.එනම් තම පෙම්වතිය වෙනෙකෙකු හා විවාහ වුවද ඇය කෙරෙහි වු පෙම්වතාගේ ආදරය බිදකු`දු අඩුවක් වී නැත. ඇගේ ආදරය අහිමි වුවද ඔහුගේ විවාහය ඇය කෙරෙහිම තබා බලාපොරොත්තු දැල්වු දැසින් බලා සිටියි.
පෙම්වතාගේ පේ‍්‍රමය කෙතරම් ද යත් ඇගේ විවාහය යම් දවසක දෙදරා ගිය හොත් එදින ඈ කෙරෙහි ආදරය වෙනස්ව නොවි නටඹුන්ව ගිය ආදරය නැවුම් සෙනෙහසක්කේ ගෙඩනන්වාලමින් ලබා දෙන්නට තරම් පෙම්වතා මහත් වියෝ දුකක් සිතෙහි දරා සිටි. මෙම පෙම්වතාගේ අවංක පේ‍්‍රමයේ ස්වභාවය ඒ අනුව මානුෂීය හර්දයාත්මකව තරුණයාගේ අවංක පේ්රමගේ ස්වභාවය ඒ අනුව අපූර්වත්වයකින් යුතුව ප්‍රතිභා පූර්ණිකව නිරිමාණය කර ඇත
ඒ අනුව මෙම ගීතය දීර්ඝ වු පද මාලාවක් ලෙස නිර්මාණය වුවද එම පද එකිනෙක සුන්දරව අර්ථ රසයෙන් හා ශබ්ධ රසයෙන්මෙන්ම ස්වභාදහමේ සුනදරත්වය කැටිකර ගලා යන ආකාරය චිත්ත රූප මවමින් පද මාලාව තනුව. සංගීතය හා මනා සංකලනයකින් යුතුව ගලපා ඇති මෙම ගීතය අර්ථ පූර්ණ අලංකාර වූ ගීතයක් වන්නා සේම දුර්ලභ ගී පද රචනයක් ලෙසද හදුනා ගත හැකිය. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් ස`දකඩ පහනක් බ`දුය. මෙම ගිතය රසික සිත් තුල සිත්තම් වනු නිසැකය.
රචකයාගේ අරමුණ සාර්ථක වී ඇත. එනම් මෙම පෙම් පුවත ‘‘ස`දකඩපහණක’’ ලෙස මුලින්ම ආරම්භ කිරීම තුලින් ම ස`දකඩපහණ වනාහි පයට පෑගෙන නිරිමාණයකි. එම නිර්මානගේන් අලංකාරවත් බවත් උද්දීපනය කරවයි. කොතෙක් අලංකාරවු මුද් එය පයටම පෑගි යයි. එ ලෙසින්ම මෙම තරුණයාගේ අවංක පිවිතුරු අලංකාර අවිහිංසක සෙනෙහසද අවසානයේ කොතෙකුත් අලංකාර වුවද පයට පෑගි යන `දුහුවිල්ලක් සේ ඒ සො`දුරු සෙනෙහස පෑගි යයි. ආදරයේ වරහ වේදනාව හැ`ගීම් බර ස්වභාවය ඒ ආකාරයෙන්ම රසිකයාට වින්දනය කිරීමට සමත් පරි පූර්ණ නිරිමාණයක් ලෙස අගය කල හැකිය.
No comments:
Post a Comment