චෙරි උයන


v පොතේ උපත



කෙටිකතා කලාව ලෝක සාහිත්‍යයෙහි අද්විතීය කලා කලා මාධ්‍යයක් බවට පත් කිරීමෙහිලා දායක වූ මහා ලේඛකයෙකු ලෙස රුසියන් ජාතික ‘‘ඇන්ටන් චෙකොෆ්’’ හ`දුනවාන්වාදිය හැකිය. කෙටිකතා හා පූර්ණ ප‍්‍රමාණ නාට්‍යය අතරින්  ඔහු අවසාන වශයෙන් ලියු  ‘‘ ඔයැ ජයැරහ දරජය්රා’’ හෙවත් චෙරි උයන විශිෂ්ඨ දෘශ්‍ය කාව්‍යයක් ලෙස විචාරකයෝ සලකති. 1904 වර්ෂයේදි චෙරි උයන නාට්‍ය්‍ය දොරට වඩි. මෙම නාට්‍යය විසිවැනි සියවස පුරා පමනක් නොව අද වන තුරුම සාකච්ඡුාවට භාජනය වීමට තරම්. ප‍්‍රබල වූ ද අගනා කෘතියක් වීම නිසා එහි  සම්භව්‍යය ගුණය මනාව හ`දුනාගත හැකිය මෙම අගනා කෘතිය රංජිත් ධර්ම කීර්ති මහතා විසින් සංහලයට පරිවර්තනය කොට ඇත.


                              චෙරි උයන නාට්‍යය තුලින් ඇන්ටන් චෙකෝෆ්ගේ සුවිශේෂි වු නිර්මාණාත්මක කුසලතාවය මනාව ප‍්‍රකටවේ. මෙහි දක්නට ලැබෙන චරිත  පැතලි වර්ග චරිත නොව ලේයින් මසින් සැදුනු  සැබෑ මිනිසුන්ගේ හෘදස්පන්දන වේගය අතට හසුවන තරමටසියම් බවට පත් කළ චරිත සමූහයකි. මෙම නාට්‍යය ඔවුන්ගේ සංතුස්ටිය අපේක්ෂාවන් මෙන්ම දුක්ඛ දොමනස්සයන් විදගත හැකි. අද්දැකීමක් බවට පත් කළ අපූරු නිර්මාණයකි.

කතුවරයා තමා ජීවත් වු රුසියානු සමාජයේ යථාර්ථය ග‍්‍රහණය කරගන්නා අතර එම සමාජයේ දෘශ්‍යමාන යථාර්ථයේ මතු තළය නොව සමස්ථ සමාජ දේහයම විෙඡ්දනය කරමින් ගරා වැටෙන වැඩවසම් සමාජය හා බිහිවෙමින් පවතින නව වානිජ ප‍්‍රමාහයට හසු වී පොර බදින මිනිසුන්ගේ ප‍්‍රතිනිර්මිත නියෝජනාත්මක චරිත ලෙස නාට්‍යයේ චරිත ලෙස නියෝජනය කරන්නේ  එම නාට්‍යයයේ යටිපෙළ තුළින් කතුවරාගේ පණිවිඩය මෙන්ම කාලින සමාජ විඥාණය ද පළකරමිනි. එනම් චෙරි උයන නාට්‍යය ස්වභාවික වාදය අතික‍්‍රමණය කරමින් රුසියානු මහා නව කතා සම්ප‍්‍රධායේ පෝෂණය ලැබූ යථාර්ථවාදි රීතියට රුසියානු නාට්‍යය කලාව ප‍්‍රවේශ වූ නාට්‍යයකි.

               ආකෘතික වශයෙන් ගත්කළ සංවාද නාට්‍යය සංකේතවාදය කරා ලගා වූ නාට්‍යය ලෙස චෙකොෆ්ගේ චෙරි උයන හැදින්විය හැකිය. මෙහි හරය ලෙස පෙන්වා දිය හැක්කේ මිනිසුන් ගතකරන මෝඩ අමන අජුව ජීවිතයට පසුබිම් වී ඇති සමාජ සංතාවන් සංකීර්ණ මිනිස් සබ`දතාවන් පරිනත දෘශ්ටියකින් හා සියුම් අන්තර් ඥාණයකින්ද  අද්විතීය ප‍්‍රතිභාවයකින් ද යුතුව චෙකොෆ් හසුකොට ගෙන ඇති ආකාරයයි. චෙරි උයන වූකලි  ඔහුගේම මෙම පරිනත සමාජ හා සාහිත්‍යය දර්ශනය පිළිබිඹු කරන විශ්ව සාහිත්‍යයේ අගනා මාණික්‍යක් බවට පත්වී ඇති නාට්‍යය කෘතියකි.නාට්‍යයේ චරිත දෙස බලන කළ චෙකොෆ්ගේ දෘෂ්ටිය මනාව හ`දුනාගත හැකිය. 

                       ‘‘ලූබෝෆ්  රැුන්වෙස්කයා’’ ආර්යාව ලෝකයේ ලස්සනතම වත්තේ අයිතිකාරියයි. ඇගේ නාස්තිකාර ස්වාමියා ෂැම්පේන්  බීමෙන්  මියයාමෙන් පසු ඇය වැන්දඹුවක බවට පත්වේ. ඊට මසකට පසුව එම වත්ත අසලින් ගලා යන ගෙ`ග ගිලි ඇගේ පුංචි පුතා ‘‘ගී‍්‍රෂා’’ මියයයි. ජීවිතයේ සිය`එ සෞදර්ය කැටිකරන සංකේතය චෙරි උයන සහිත තම පාරම්පරික චෙරි වත්තය එය දැන් ඇයට පෙනෙන්නේ ඒ තුළ සැ`ගවුනු කටුක ස්මරණයන් වෙත විවර වන කවු`එවක්  ලෙසිනි  ජිවිතයේ එන ගැට`එවලට විඥාණවාදිව විසදුම් සොයන රුනවෙස්කයා එම ස්මරණයන්ගෙන් තාවකාලිකව මිදීම ජීවිතයේ සිය`එ ගැ`එවලට විසදුමයැයි සිතා චෙරි උයන අතහැර පැරීසියට පලා යයි. ප‍්‍රන්ශයේ මෙන්ටොන් හි නව බන්ගලාවක් මිළට ගෙන තම පෙම්වතා සම`ග අලූතින් ජීවිතය ඇරබීමට සිතයි. ඉතා කාරුණිකව හ`දවතක් හා ර`දල පැවැත්මක් ඇති. සල්ලිකාර වැන්දඹුව කෙරෙහි ව්‍යජ  ආදරයක් දක්වා මෙම පෙම්වතා ඇය ණයකාරියක් වන තුරුම කා බී විනෝද වේ. ටික කලකින් සිය`එ සම්පත් විනාශ වී ඇය ද රෝගි වේ. අවසානයේ ඇගෙ බෙහෙත් වල ණය ගෙවීමට පවා නොහැකිව නිවස විකුණා දමා කුඩා කාමරයක් ගෙන අසරණ ලෙස ජීවත් වේ. ඇගේ පෙම්වතා ද ඇය අතහැර වෙනත් ස්ති‍්‍රයක් සම`ග ජීවත් වේ. තම අසරණ භාවය දරාගත නෙහැකිව දිවි නසා ගැණිමට සැරසෙන රැුනවෙස්කෙයා තම මව් රට ගැන ජාත්‍යාලයක් ඇතිවී  ප‍්‍රශ්ණ වලින් මිදීමට රැුසියාවට පෙරළා පැමිනේ.  ආත්මීය ලෙස අසරණ වී පැමිණි ඇයට අසන්නට ලැබුනේ තම ඉඩම හා නිවස ණය ලෙගවීමට නොහැකිව සින්න වන බවයි. ඇගේ සහොදර ‘‘ගයේෆ්’’ යනු තමා ඉදිරියේ ඇති අරබුදයට මානසික විස`දුම් සොයන අමන චරිතයකි ඔහු තුල යථාර්ථවාදි දෘෂ්ටියක් නැත. 

                             පිරිහි යන වැඩවසම් සමාජයක් අලූතින් මතුවී එන වානිජ ධනේශ්වර ක‍්‍රමයත් අතර සංධිස්ථානයක් ලෙස චෙරි උයන නාට්‍යයේ කතා වින්‍යාසය විකාශනය කරන චෙකොෆ් ඉතා ශූර ලෙස පවතින ක‍්‍රමයේත් මතුවී එන නව ධනේෂ්වර ක‍්‍රමයේත් දුර්විපාක දකි. චෙරි උයන කපා කොටා රැුනවෙස්කියා ආර්යාවගේ මහගෙදර බිමට සමතලාකොට ඉඩම්කට්ටි වලට කඩා හිම්හාන නිවාඩු නිවාස ස`දහා වෙන්දේසි කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරන නව ධනපති පන්තිය නියෝජනය කරන ‘‘ලොපකින්ගේ’’ කුරිරු සැහැසි ස්වරූපය චෙකොෆ් අනුමත නොකරන බව හ`දුනාගත හැකිය. එසේම සුන්දර අතීත සැමරුම් හා අතීත කාමයේ නටඹුන් රැුදුනු චෙරි උයන කේන්ද්‍රකොට පවතින  ඔවුන්ගේ භාවමය ජීවිතය ගැන. පමණක් සිතමින් සිහිනයක් තුළ ජීවත් වන රැුනවෙස්කෙයා ආර්්‍යාවගේ සහ ඇගේ සොහොයුරු ගයෙෆ්ගේ චරිතය ද ඔහු අනුමත නොකරයි. පරිනාමයට හසුවි ඇති වැඩවසම් සමාජක‍්‍රමයට එල්ලවී ඇති තර්ජනය ගැන අඹමල් රෙණුවක තරම් අවබෝධයක් නෙමැතිව යථාර්ථවාදි චින්තනයෙන් තොර වූ හුදු මාන්නය රැුක ගැනීම ස`දහා ගෙවන නිර්ලෝබි නාස්තිකාර දිවිපෙවතේ නිස්සාරබාවය ද කතුවරයා මනාව හාස්්‍යයට නගා ඇත.

                          එම වත්තේ ප‍්‍රවේණි දාසයෙතු වු ගොවියෙකුගෙ පුතෙකු වු ‘‘ලොපකින්’’ වත් පොහොසත් කමින් පිරි මුදලට ගිජු  ව්‍යාපාරකයෙකි. ලොපකින්ගේ යොජනාව වුයේ චෙරි උයන කපා කැබලි කිරීමයි. ලොපකින් ම`ගින් රදළවාදයේ නිස්සාර පුරුෂාර්ථවලට මරු පහරක් එල්ල කරන පෑගුණු පන්තියට අයත් සානුකම්පිත චරිතයකි. අවසානයේ ර`දළ ක‍්‍රමය යටතේ පෑගි සිටි ලොපකන් විසින් ම චෙරි වත්ත මිළයට ගනි.
චෙරි උයනේ යටපෙළ ලෙස චෙකොෆ්  මතු කර ඇත්තේ පැරණි රැුසියානු ජීවිතයට ආයුබෝවන් කීමත්  බිහිවෙමින් පවතින නව යොවුන් ජීවිතයට ආශිර්වාද කිරීමත්ය. 

                        ‘‘ට්‍රොෆි මොෆ් ’ වැනි ජරිත ප‍්‍රගතිසීලි ශක්ති සම්පන්න සටන්කාමි ස්වරූපයෙන්  ප‍්‍රචාරක පණිවිඩ කරුවෙකුගේ වේශයෙන් නිරූපණය නොකරයි. සදාතනික ශිෂ්‍යයෙකු ලෙස දාර්ශනික අදහස් ඇතත් කි‍්‍රයාවෙන් සටන් කිරීම කෙසේ වෙතත් මත ජීවිතය පවා හැඩගසාගත නොහැකිව නිතර ගැරහීට හා උපහාසයට ලක් වූ අලස නිස්කි‍්‍රය හාස්‍යයවාදි බුද්ධිමතුන්ගේ පන්තියට වැටෙන රැුසියානු චරිතයකි.
චෙරි උයන නාට්‍යයේ මෙම කේන්ද්‍රිය ගැටුම් තුළ වෙළි පැටලි සිටින සිය`එ සෙසු චරිත ද  නාට්්‍යයේ මුඛ්‍යාර්ථයට අත්‍යාන්තයෙන් ම සම්බන්ධ වී ඇත.

                        රැනවෙස්කයා හදාගත් දියණිය චර්යා කඩිසර ලෙස වැඩ පල කරම්න් ගේදොර රැුකබලා ගිනියි. ගරාවැටෙන මහගෙදර මෙන්ම   ඇගේ ජීවිතය ද කෙමෙන් ගරා වැටෙන අයුරු ප්‍රෙක්ෂකයාට මනාව හ`දුනාගත හැකිය. ලොපකින් සම`ග සබ`දකමක් ඇතිකරගැනීමට සිතුව ද ඇගේ මාන්්‍යය නිසා එය ව්‍යර්ථ වි යන අතර ඇය මහගෙදර අතහැර ගෘහසේවිකාව ලෙස ස්වාධීන ජීවිතයක් ගතකිරීමට සිදුවන ආකාරය දක්වන්නේ එම චරිතය කර්කෂ උපහාසයකට ලක්කරමිනි
විසු`එ ගතිපැවතු ඇති ”සිම්නෝෆ් පිස් චික්” චරිතය තුළින් ඉඩම් හිමි පන්තියේ පරිහානි ගත ලක්ෂණ ස්මතු කරයි. ”යෙපි කොඩොෆ්” නම් වත්තේ ලිපිකරු සර්ව අසුභවාදි අපූර්ව චරිතයකි අසු හත් හැවිරිදි ”ෆියර්ස්”මෙම සිය`එ චරිත වලට ප‍්‍රතිවිරුද්ධ අභාවයට යන වැඩවසම් සබ`දතා සංකේතවත් කරයි. 

                  නාට්‍යයේ ප‍්‍රධානතම හා බහුවිද අර්ථ නිරූපනයක් කරන සංකේතය ලෙස චෙකෝෆ් චෙරි උයන යන නාමය දාගෙන ඇත. අතීත ජීවිතයේ කාව්‍යාත්මකබවත්  ”ස`ද පායා ඇති රෘති‍්‍රකාලය” හිම වැටුනු මල් පිපුණු සුන්දරත්වයේ කාව්‍යාත්මකබවත්   ධවනිත කරන සංකේතයක් ලෙස හ`දුන්වා දිය හැකිය.

                                                      මෙම නාට්‍යයේ ප‍්‍රති විරුද්ධ කන්ඩායම් දෙකක් අතර අර`ගලයක් නැත. එහෙත් එය නාට්‍ය යටින් දිස්වේ. මේතුළ නිස්කී‍්‍රයභාවය, අළස බව, උදාසීන ලක්ෂණ හා අවසානයේ මන්දොත්සාහිභාවය දක්වා දිව යන ඔවුන්ගේ නිස්සාර දිවිපැවැත්ම කෙරෙහි අවදානය යොමුකොට ඇත. අර`ගලය ඇත්තේ ඔවුනොවුන් අතර නොව ඔවුන් ගතකරන තේරුමක් නැති ජීවිත සම`ගය එනම් ක`දුල සිනහව සම`ග අපේක්ෂාවන් මෙන්ම අපේක්ෂාභංගත්වය ද එකිනෙකටබැදි පැටලී ඇති චෙරි උයන නාට්‍යය තුළ දක්නට ලැබෙන චරිත වල ආධ්‍යාත්මික හුදෙකලා බවක් ධවනිත කිරීමේ විශේෂිත ගුණයචෙකෝෆ්ටම ආවේනික වූවක් ලෙ අ`ගය කළ හැකිය. එනම් චෙරි උයන නාට්‍යය පිරිපුන් නිර්මාණයක් පමනක් නොව මිනිස් චරිතයෙ ඉතා සුසිලිටු තැන් අතිශ්‍ය තුනී ලෙස සිතුවම්කොට ඇති නිරිමාණයක් ද වේ. 
මේ අනුව බලන කළ අභාවයට යන ර`දළ ක‍්‍රමයත් නැ`ගි එන වානිජ වාදත් හෙළා දකින චෙකෝෆ් එය දෙකටම වෙනස් වූ උත්තරීතර වූ සමාජයක් පිළිබ`ද අපේක්ෂාව චෙරි උයන නාට්‍යය තුලින් ප්‍රෙක්ෂක හ`දවත් තුළ ඉතිරිකලා නොවේ ද?

                           මෙම නාට්‍යය සිංහලයට පරිවර්තනය කළ ”රන්ජන් ධර්මකීර්ති මහතා”රංගෝචිතවාදමය භාෂා ව්‍යවාහාරයක් හා ඒ ඒ චරිත වලට විශේෂ ලක්ෂණ පසුබිම, වයස, ආදි කරුණු සළකමින් භාෂාව හසුරුවන විලාශය ආදිය රැුක ගැනීමට උත්සහ දරා ඇත.චෙකෝවියානු ශෛලීයද හැකි පමණ රැුකගෙන ඇත.මේ ආකාරයට මුල් කෘතියට හානියක් නොවන පරිදි පරිවර්තනය කිරීමට රන්ජන් ධර්මකීර්ති මහතා සමත් වී ඇති බව පෙන්වා දිය හැකිය.

No comments:

Post a Comment